මුලතිව් ඔයකින් ප්‍රාග් මානවයන්ගේ ආයුධ ඇතුලු නටඹුන් මතුවෙයි…

October 16, 2019 at 2:12 am | lanka C news
මුලතිව් ඔයකින් ප්‍රාග් මානවයන්ගේ ආයුධ ඇතුලු නටඹුන් මතුවෙයි…

මුලතිව්,මාන්කුලම පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ තිබි ප්‍රාග් මානවයා භාවිතා කළ ගල් ආයුධ කිහිපයක් ඇතුලු පැරණි නටඹුන් කිහිපයක් හමුවු බව යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ‍මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පැවසීය.

අදාළ ප්‍රදේශ‍යේ පෞරාණික වස්තු පවතින බවට ගම්වාසීන් සිදුකළ දැනුම්දීමක් මත තමන් අදාළ ප්‍රදේශයේ සිදුකළ කැනීමකදී එහිදි ප්‍රාග් මානවයන් භාවිතා කළ ගල් ආයුධ බවට සැකකෙරෙන පුරාවිද්‍යා නටඹුන් රැසක් හමුවු බවට මහාචාර්යවරයා පෙන්වා දෙයි.

තම නිගමනයන්ට අනුව අදාළ ගල් ආයුධ වසර දහස් ගණණකට එපිට සමයේ භාවිතා කළ බවට තමන් විශ්වාස කරන අතරම සොයාගත් ගල් ආයුධ සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් වෙනුවෙන් යොමු කිරීමට නියමිත බවත් පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ ඉපැරණි ජනාවාස පැවති බවට ශිලා ස්ථම්භ කොටස් කිහිපයක්ද නිරීක්ෂණය වූ බවට ඒ මහතා පැවසීය.

අදාළ ස්ථානය මාන්කුලම ඝන කැළැ ප්‍රදේශයන්ගේන් පවතින අතර නටඹුන් හා ගල් ආයුධ හමුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත තොරතුරු වාර්තා කොට ඉදිරියේදී විධිමත් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට නියමිතව ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ පුරාව්ද්‍යා අධ්‍යායනාංශය භාර ජ්‍යේෂ්ඨ මහාචාර්ය වශයෙන් උතුරු පළාතේ පුරාවිද්‍ය උරුමය සොයා පරීක්ෂණ රැසක් කළ මහචාර්යවරයෙකු වශයෙන් පරමු පුෂ්පරත්නම් මහතා කිරීතියට පත් පුද්ගලයෙකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,864 Viewers
Main News