මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

September 22, 2022 at 10:40 am | lanka C news
මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

ඓතිහාසික මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කරමින් එම භූමියට ඇතුලු වී පුරාවිද්‍යා කැනීම් කටයුතු වලට බාධා කොට විරෝධතාවයේ නිරත වී උණුසුම් තත්වයක් ඇති කිරීම හේතුවෙන් ඊයේ (21) රාත්‍රියේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත්සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පවසයි.

කුරුදුමලේ පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින අතරතුරදී ඊයේ (21) දින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, හිටපු මන්ත්‍රී එස් සිවමෝහන්, හිටපු පලාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ආර්. මයුරණ් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් විහාර භූමියට ඇතුලු වී විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූවන් පුරාවිද්‍යා කැනීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු වලට එරෙහිව දැඩි විරෝධයක් පා සිටි අතර පසුව පුරාවිද්‍ය නිලධාරීන් විසින් ඒ පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම්දෙන ලදි.

අනතුරුව මුලතිව් පොලීසිය පුරාවිද්‍ය භූමියට පැමිණි අවස්ථාවේදී හිටපු පලාත් සභාමන්ත්‍රී ටී.රවිහරන් සහ ආර්. මයුරන් යන අය විසින් කලහකාරී ලෙස හැසිරෙමින් පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා සිදුකිරීම හේතුවෙන් නොසන්සුන් තත්වයක් ඇති විය.

පසුව මුලතිව් පොලීසිය විසින් නොසන්සුන් තත්වය පාලනය කොට රාජකාරී කටයුතු වලට බාධා සිදුකිරීම හේතුවෙන් හිටපු පලාත් සභාමන්ත්‍රී ටී.රවිහරන් සහ ආර්. මයුරන් යන අය අත්අඩංගුවට ගත් අතර අද (22) දින එම පිරිස් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබීය.

මේ අතර පසුගිය ජුලි 14 වනදාද මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ච්‍යෛ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම නවතා ප්‍රතිසංස්කරණය කල සියල්ල ඉවත් කිරීමට මුලතිව් අධිකරණයෙන් ලබාදුන් තීන්දුව පසුව ජූලි 20 වනදා මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා විසින් විහාරයේ කැනීම් සහ භූමිය පරික්ෂා කිරීමෙන් අනතුරුව මුලින් දුන් නියෝගය අවලංගු කොට නැවත චෛත්‍යෙය් ප්‍රතිසංස්කරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට නියෝගය ලබාදීමද විශේෂ සිදුවීමකි.

කෙසේ වෙතත් විවිධ වූ දේශපාලන වාසි වෙනුවෙන් සාමාන්‍ය ජනතාව රවටා ඇතැම් පුද්ගලයින් සහ සංවිධාන මගින් ජනතාව භේදබින්න කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බැවින් ඒ දෙය අවධානයෙන් විනිවිදබාවයෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද කුරුදුමලේ විහාරස්ථානයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනාක් පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් වැඩිදුරටත් පවසා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,153 views

19 Comments to “මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..”

  1. Keerthi says:

    LTTE අවතාර.

    • nimal says:

      වැඩිකල් නොයා 69 ආයි රාඡපක්‍ෂලා ගෙන්නාවි කීම විහිුවක් නොවේවි.

      • Mahesh says:

        Mental illness is a scourge even in the Western countries.All over the world mental illness is linked with shame so seeking medical help is delayed.There is another type of mental illness in our country.Like Bhanuka Rajapaksha and pastor Jerome publicly telling without a shame the Asia cup win was God’s intervention.If such a young popular player is that stupid what would happen to our generations.Bhanuka should go and seek treatment, isn’t that.Falling to many traps is not uncoomon to our youth unfortunately.

        • Janaka says:

          Banukata onema agamak adahanna nidahasak thiyenawa. eka eyage manawa aythiyay.thamun thamange agama dhama hondata adahanna.agam anthawadiyo hama thanama .

  2. අජප්පෙක් says:

    මෙතන ජප්පෝ නැති වෙන්න බෑ.

    • Citizen says:

      ඇයි පෙරටුගාමීන් සහ බටහිර NGO.

    • දිමුතු ආටිගල හිටියේ කුමාර් ගුණරත්නම් හිටපු ගෙදර නෙමෙයි says:

      ජෙප්පො විතරක් නෙමෙයි සෙප්පො ත් ඇති

      ඔය ලලිත්, කුහන් කියලා දෙන්නෙක් ගැන පෙරට්ටෝ තාම අඬන්නේ – ඒ හිටපු කොටි ත්‍රස්තවාදීන් දෙන්නෙක් – උං දෙන්නා සෙප්පො එක්ක සෙට් වෙලා නටන්න ආවාම තමයි ගෝඨා උංව ප්‍රභාකරන් ගාවට යැව්වේ. ඒක තමයි මුං ඔක්කොටම ඕනේ වුනේ ගෝඨා ව එලෝ ගන්න.

      To forgive the terrorists is up to God, but to send them to God is up to me. – Putin

    • Sasrasi says:

      රාජපක්ශ නාට්‍ය. මොන ජෙප්පොද, වාසිය කාටද,

      • PASSER$ BY says:

        If it’s a matter which gives an advantage to them as many voters are keen to see them protected , why cannot J.V.P. acts in a such a manner to grab that votes, as safeguarding the places of historic and archeological importance in a country is right guaranteed even by an U.N. resolution?

      • PASSER$ BY says:

        If it’s a matter which gives an advantage to them as many voters are keen to see them protected , why cannot J.V.P. acts in a such a manner to grab that votes, as safeguarding the places of historic and archeological importance in a country is a right guaranteed even by an U.N. resolution?

      • MD says:

        ජෙප්පෝ රැට්ටෝ පරට්ටු සුමන්තිරන් ඔක්කොම ත්‍රස්තවාදීන්.ඵ්ක සිංහල දමිළ මුස්ලිම් කියලා වෙනසක් නෑ.ඵක රටක් ඵක නීතියක් විය යුතුය.

  3. SKF says:

    කුරුන්දිමලේ අටුවාව කෝ?

    හුටා…. තමිල්නාඩුවේ ඉදල ආපු බුද්ධඝෝශ ඒකට ගිති තිවුවා නේද?

    බුද්ධඝෝශ ලියපු විශුද්ධි මාර්ගය සහ හෙල අටුවා වල පරස්පර හෙලි වීමත් සමග හෙල අටුවා සියල්ල රැස් කර ගිනි තිවුවා. විශුද්ධි මාර්ගය ඉතිරි කලා.

    අපේ අයියලා පිරිවෙන් වල විශුද්ධි මාර්ගය ඉගෙන ගන්නවා. විශුද්ධි මාර්ගයෙන් මාර්ග පල ලබපූ උන් බින්දුවයි.

  4. RITIGALA says:

    pura widya kanim walin aththa urumaya eli wena nisa thamai indiyawen kuli wada walata gennuwa amanayo mewata wirudda..

  5. කැපුවත් පොහොට්ටුවට says:

    ගෝටාභය නැති අඩුව තමා.

  6. ජනතාව says:

    ඔන්න කාදිනල් ඕමල්පේ සෝබිත හාහාමුදුරුවන් ට වෙඩ පෙන්නන්න වෙලාව

  7. Lion says:

    අහෝ
    අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා සියලු දෙවි බබුන් විසින් සරන ගිය ඒ සම්බුදු පියානන්වහන්සේ, වන්දනාමාන පුද පූජා ලද ඒ උතුම් මුනිරජානන්වහන්සේ..
    මේ මිනිස්සු මෙච්චර මෝඩද ? තෙරුවන් කෙරෙහි පැහැදෙන්නට නොහැකිනම්, ගරහ නොකරවත් ඉන්න බලපල්ලා.
    උබලාගේ හින්දු දෙවිවරු උබලා උදහසට ලක්කරයි නැත්තම්.
    මොකද බ්‍රහ්ම ලෝකය දිව්ය ලෝකවල බොහෝ සෙයින් ඉන්නවා තෙරුවන් කෙරෙහි පැහැදිලා පින්වත් ජීවිත ලබාගත් උත්තමයන්වහන්සේලා

  8. Sinhalaya says:

    Policeyata berinam apita puluwan higan sakkili ballanwa paralowatama yawanna sinhala ballanitopi budida sakkiliyan hambayan même pudabimin elawa dammamu

  9. සවාධීන says:

    පාස්කු 2 ද, නැතිනම් ආයිත් කොටි නැගිටිනවෝ ද? ඡන්දේ ලගයි වගේ…ආ….ගෝඨයියා ඉන්නවා නේ…ඵක රටක් ඵක නීතියක් මතක් වෙනවා.

  10. කූඨ උත්සාහයන්ගේ නියුතු බව සමස්ථයේ අවධාණයට ,.! says:

    ආර්ථිකය ඝාථණය කර ඡාතිකසම්පත් මරමස්ථාන කොටස්වළට කඩා බිඳදමා ගිළගැනීමට සිදුකරණාළද කුමන්ත්‍රණය බොරතෙල් මාපියාව,විදුළිබළ මාපියාව ත්‍රීමළය තෙල් ගබඩාසංකීර්ණය කොළඹ වරාය, අදානියට පාවාදුන් සුර්‍ය බළ ව්‍යාප්‍රථි නිදසුන් වන අතර විකුණනාළද සෑම ඡාතික සම්පතකින්ම සාටක බල්ලන් වංචනික ලෙස කොටස් විදේශ සමාගම් හරහා අත්පත්කරගනිමින් භාන්ඩාගාරයට ලැබියයුතු සමස්ධණය විදේශිකයන් සමඟ කොළ්ලාකනු ලැබූබවට පැහැදිළි ළිඛිත ශාකශි පවතී,.! නීළකාශ හොර පාදඩ සාටක සුණඛ හැතිකරයේ මයිනා, ලබ්බා,පිට්ටුවා, බෑසිළ, ගූඨා, යන දූශිතයන් සිදුකරණාළද දැවැන්ත වංචා ,කොමිස්මුදල් ගසා කෑම් වසාගැනීමට රට තුළ කුමන්ත්‍රණ සිදුකරනා බවට බවට
    සහ මහඡනයා දැඩිලෙස මර්ධණය කර බළය රැකගැනීමට නිරන්තර උත්සාහ දරනුයේ සටක සුණකයන් සිරගතවීමෙන් වැළකීමට බව අවධානයට,.!

    සුණාමි සහනාධාර වංචාව මිග් ගනුදෙනු ඇතුළු මහබැංකු කොළ්ළය තුළින් අනාවරණය වු කරැණු සම්බනධව සමස්ථ දූශිත ඡාළය පිටුපස සාටකයන් ගේ අදිසි හස්ථය නිරීකෂණය වන නිසාවෙනි,.!
    සමස්ථය බෑසිලගේ ඥාති බටහිරයන් යොදාගනිමින් ශ්‍රීළංකන් සමාගමට ගෙරි හම්පඩ ත්‍රස්තයකුවැනි සුද්දෙකු පත්කර ගනිමින් සමස්ථය විණාශ කරදැමූ මෙහෙයුම සහ සමස්ථ ආර්ථික ඝාථණය පිටුපස ඉන්දියාව අමෙරිකාව සහ සාටක බල්ලන්ගේ පාදඩ මෙහෙයුම් නිරාවරණය වීම වළකාගැනීමට සහ බළය රැකගැනීමට විවිධ වේශයෙන් සාටකබල්ලන්ගේ නිඝණඨ ඡාළය වරින්වර සක්‍රීය වී මරනාසන්නව සිටනා සාටක බල්ළන් මුදවාගැනීමට හීන්කෙඳිරිය සහිතව නානාවිධ කූඨ උත්සාහයන්ගේ නියුතු බව සමස්ථයේ අවධාණයට ,.!

Leave a Comment

Main News