මුලතිව් කේපාපිලව්හි ඉඩම් අක්කර 133 ක් මුදාහරී..

December 29, 2017 at 8:02 am | lanka C news
මුලතිව් කේපාපිලව්හි ඉඩම් අක්කර 133 ක් මුදාහරී..

අවසන යුද සටන් පැවති මුලතිව් කේපාපිලව් ගම්මානයේ ආරක්ෂක අංශ සතුව තිබූ සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් අක්කර 133.34 ක භූමි ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත බෙදා දීම මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී අද (28) දින සිදු විය.

යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් පරිදි මුලත්වි ආරක‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ආර්.ඩබිලිවි.ඩබිලිවි.ඒ.ඩි.බි රාජගුරු මහතාගේ මගපෙන්විම මත කේපාපිල්ව් ඉඩම් තොගය එහි මුල් ඉඩම් වෙතට භාර දීම සිදු විය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරන නැවත පදිංචි කිරිමි  හා පුනුරුත්තාපන හිංදු කටයුතු පිලිබද අමාත්‍යංශයේ අතිරේක ලේකමි සංවර්ධන බි සෙන්දිල්නන්දනන් මුලතිව් දිස්ත්‍රික් ලේකමි ආර්.කේතිශ්වරන් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ඉඩමි හිමිකරුවන් 85 දෙනෙකු හට මෙම ඉඩම් ලබා දෙන ලදි.

මෙම ඉඩමි අතරින්  අක්කර 111.5 ක ප්‍රමානයක් කෙප්පාපිලවි ග්‍රාමයේ ඉඩමි හිමියන් 68 දෙනෙකු සඳහාද ඉතිරි ඉඩමි අක්කර 21.84 ප්‍රමාණයක් මුලතිව් සිනියාමොටෙයි ග්‍රාමයේ ඉඩමි හිමියන් 17 දෙනෙකු සඳහාද ලබා දෙන ලදි.

යුද්ධ හමුදාව විසින් මෙම ඉඩමි ලබා ගන්නා අවස්ථාවෙදි සිවිල් වැසියන් විසින් ඉදිකරණ ලද ගොඩනැගිලි 8 හා අත්තිවාරමි 1 ක් තිබුණු අතරල යුද්ධ හමුදාව විසින් එම සිවිල් වැසියන් සදහා ඉඩමි නැවත භාර දෙන විට යුද්ධ හමුදාව විසින් සකස් කරණ ලද ස්ථිර ගොඩනැගිලි 28 ක් සහිතව ඉඩමි හිමි වැසියන් වෙත ඉඩමි ලබාදෙන ලදි.

මෙම උත්සවය සදහා  59 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්ඩි වන්නිආරචිචි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් සි.එස්.ඇටිපොල මුලස්ථාන බ්‍රිගේඩියර් බි.පි.එස් ද සිල්වා ඇතුලු බළසේනාධිපතිවරුන්ද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නැවත පදිංචි කිරිමි හා පුණුරුත්තාපන හින්දු කටයුතු පිලිබද ගරු අමාත්‍යංශයෙහි අතිරේක ලේකමි සංවර්ධන බි සෙන්දිල්නන්දනන් මහතා ප්‍රාදේශිය ලේකමි මැරිටයිමිපත්තු එස් ගුණබාලන් මහතාල මුලතිවි දිස්ත්‍රික් පොලිස් අධිකාරි අයි.ඩබිලිවි.ජි.ආර්.ඩබිලිවි කන්දේවත්ත මහතා සහ මැරිටයිමිපත්තු ඉඩමි නිළධාරි සර්වනන් මහතා, කෙප්පාපිලවි ග්‍රාමනිළධාරි වන එස් මොහන්රාජ් මහතා ඇතුළු පිරිසක් මෙන්ම ඉඩම් හිමි ජනතාවද  සහභාගි වන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

137 views
Main News