මුලතිව් කෝකිලායි ධීවර පවුල් 300 කට ආසන්න ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි…

December 3, 2020 at 2:14 am | lanka C news
මුලතිව් කෝකිලායි ධීවර පවුල් 300 කට ආසන්න ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි…

බුරවි සුලි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි.

කෝකිලායි ප්‍රදේශයේ මෙන්ම මුහුද ආසන්නයේ පිහිටි නිවාසයන්හි පදිංචි පවුල් 300 කට ආසන්න පිරිසක් මෙලෙස කොක්කුතුඩුවායිහි පාසල් දෙකක්  වෙතට රැගෙන යාමට පොලීසිය සහ යුදහමුදාව විසින් පියවර ගෙන ඇති අතර ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට ආපදාකලමනාකරන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

එමෙන්ම කෝකිලායි ගම්මානයේ ජනතාව ඉවත් කිරීම හේතුවෙන් ගම්මානයේ නිවාස ආරක්ෂාව සඳහාද පොලීසිය සහ යුදහමුදාව යොදවා ඇති බවටද මුලතිව් පොලීසිය පැවසීය.

මේ අතර මුලතිව් මුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර් ගයටද විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා සිදුවූ අතර ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් ගස ඉවත් කොට ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කරන ලදි.

කෙසේ වෙතත් මුලතිව්හි බුරවි සුලි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට පත්වන පුද්ගලයින්ට සහන සැලසීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුදහමුදාව සහ ආපදාකලමනාකරන නිලධාරීණ්ද මේ වන විට සීරුවෙන් සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,727 views

2 Comments to “මුලතිව් කෝකිලායි ධීවර පවුල් 300 කට ආසන්න ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි…”

  1. රන්බණ්ඩා says:

    අර කාලකණ්නි ආප්ප-නපුංසක ආණ්ඩුව තිබ්බනං, මේ වෙලාවෙ දෙන්නගෙන් එකෙක් තිරුපති වඳියි අනිකා සිංගප්පූරුවෙ හෝටලේක ඉඳියි.
    කුණාටුව ආවා හරි නැතා හරි මෙහෙව් සූදානමක් තිබ්බ එක නං අගය කොරන්න ඕනි බොලව්.

    • ක්‍රිමිනල් says:

      ස’ට බයේ සුළිකුනාටුවත් පැනලා ගියා කියහංකො, කොහොමද ඒ ගැම්ම ?