මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්. සිසුන් 08ක් රෝහල්ගත කෙරේ…
July 18, 2017 at 11:20 am | lanka C news
මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්ධන වැඩසටහනකදී කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 08 දෙනෙකු අද (018) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුලත් කල බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
අද උදෑසන කෝකිලායි සිංහල පාසලේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවති ඇති අතර එහිදී පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට ඇති වූ කම්පන තත්වයක් හේතුවෙන් ඔවුන් රෝහල් ගත කොට ඇත.
මුලතිව් පොලීසිය සඳහන් කලේ අදාල පිපීරීමෙන් කිසිදු අයෙකුට තුවාල සිදුවීමක් නොමැති බටත් අදාල පිපරුම කිසියම් වූ පුපුරණ දුව්යක් තිබී පුපුරා යන්නට ඇති බවට තමන් සැක කරන බවටයි.
මාචෝලෙයි රෝහලට ඇතුලත් කොට ඇති සිසු සිසුවියන්ගේ තත්වය බරපතල නොවන අතර සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් හය දෙනෙකු මේ අතර වෙයි.
අදාල පිපිරීම වූ ස්ථානයට මේ වන විට මුලතිව් හා කෝකිලායි පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂණ කටයුතු සිදු කරන අතර පාසල් ළමුන්ට බිය නොවන්නැයිද දැනුවත් කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පෙරහැර ළඟ එනකොට කස පුපුරන හඬ ඇහෙනවානෙ.
ඒක කවුරුත් දන්න කරුණක්.
Kunu godaka saddayak awa ekath news ekakda ban….:)
Oka podi adho wathayak wennethi.
උතුරේ තල් අරණේ සංහිදියාව ..සහජිවනේ ..සිංහලයින් සිංහල මව් බිමෙන් පලවා හැරීමට ජාතිවාදී ඊළම් දෙමල ත්රස්තවාදීන් කරන පහත් වැඩ …මේවා ගැන ලෝකයටම දැන ගැනීමට සැලැස්විය යුතුයි
සිරිසේන ළගදි උතුරට නෑගම් ගියා නේද ? මේ ගැන පරීක්ෂණ පවත්වනවාද ?
කරුණාකර රට නැවත ගිනි තියන්නේ නැතුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න