මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේවාලය හින්දු කෝවිලක් කරන්න නියෝග…

May 7, 2019 at 8:40 am | lanka C news
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේවාලය හින්දු කෝවිලක් කරන්න නියෝග…

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සමබන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නුඩු දෙකකින් එක් නඩුවක තින්දුව 06 දින මුලතිව් මහෙස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර් මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලයේ නීරාවි පුල්ලයාර් කෝවිල ලෙස නම සඳහන් කළ යුතු බවටත් දෙපාර්ශවය අතර සාමය කඩවීමේ සිදුවීමක් නොවන බවට වූ පොරොන්දුව සමගින් බැඳුම්කරයකට අත්සන් කළ යුතු යැයි යන නියෝගය මුලතිව් මහේත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා විසින් ලබා දෙන ලදි.

මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කොට ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වලක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කල යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව 06  දින ලබා දුන් අතර , පුරා විද්‍යා භූමියකට ඇතුල් වී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කොට පුරාවිද්‍යා භූමියේ කැනීමක් කල බවට වූ බී වාර්ථාව දෙවන නඩුව වෙයි.

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහන තල්පාවිල මහතා කියා සිටියේ

‘‘ ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලයේ මෙතෙක් නම් කොට ඇති ඝනපති විෂ්ණු කතරගමදේවාලයට නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කිරීම සාධාරණ නොවන බවටත් මුලතිව් අධිකරණයේ පැවති නඩු විභාගයට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයාම පැමිණ දැනුම් දුන්නේ අදාල ස්ථානයේ කෝවිලක් නොමැති බවටත් එය බෞද්ධ සිද්ධස්ථානයක් වන බවත් එවැනි පසුබිමක පන්සලක් තුල කෝවිලක නමක් තැබීම යුක්ති සහගත නොවන බවටත්ය.

එමෙන්ම ගූගල් සිතියම් මාර්ගයෙන්ද අවුරුදු කිහිපයක් පසුපසට ගෙන නිරීක්ෂණය කිරීමේදීද එවැනි කෝවිලක නමක් නොමැති බවත් බෞද්ධ සිද්ධස්ථානයක් පමණක් සඳහන්ව ඇති අවස්ථාවක මුලතිව් මහෙස්ත්‍රාත් වරයා විසින් ගුරුකන්ද රජමහා විහාරය තුල කෝවිලක් ඇති බවටත් එය නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කරන ලෙසට නියෝගයක් ලබා දීම සාධාරණ නොවන බවටය.

පාර්ශව දෙක අතර සාමය ආරක්ෂා වීම සඳහා වූ බැඳුම්කරයට අත්සන් කළද සෑම පන්සලකම දේවාලයක විෂ්ණු කතරගම දෙවියන්ගේ පිළිම ඇතුලත් දේවාලයක් තිබුනද කිසිදු පන්සලක කෝවිලක් නොතිබීමත් මෙසේ පන්සල තුල කෝවිලක නමක් යෙදීමට නියෝගය ලබා දීම පිළිනොගන්නා හෙයින් වව්නියාවේ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවට මුලතිව් මහෙස්ත්‍රාත් වරයාට දැනුම් දුන බවටද නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් පැවසීය.

නඩු තීන්දුව සඳහා මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන්ද සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

40,917 Viewers

12 Comments to “මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේවාලය හින්දු කෝවිලක් කරන්න නියෝග…”

  1. චම්පා says:

    මෙන්න වැඩ. කෝ……..සා………ලී…….

  2. Eiffel says:

    අලි මදිවට බර කරත්ත. ඒ ගමන තව මඟුලක්.. සියලු ආගම් තහනම් කරලා දාන්න බැරිද? මල වදේ…

  3. SL says:

    How can this be happened???

    • Vasana says:

      සර්වාගමික බහුආගමික සිංහල දේශපාලකයෝ ඇයි මේ අසාධාරණයට අයුක්තියට එරෙහිව නීතිමය පියවර නොගන්නේ ?
      අපේ බෞද්ධ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය තුල අදාල ස්ථානයේ කෝවිලක් නොමැතිය එවැනි පසුබිමක පන්සලක් තුල කෝවිලක නමක් තැබීම යුක්ති සහගත නොවේ
      අපේ බලවත් විරුද්ධත්වය මෙයින් පල කරමු …..මේක කැකිරිල්ලේ රජුගේ නඩු තීන්දුව වගෙයි

  4. LION says:

    මෙන්න උතුරේ දෙමළ ආගම් සංහිදියාව දොරේ ගලන හැටි …සිංහල එතිහාසික බෞද්ධ පුද බිම් හින්දු කෝවිල් බවට පත් කරන නියෝග ?
    කෝ මේ රටේ පාලකයෝ නිදිද ? එක පැත්තකින් ඉස්ලාම් අන්තවාදය තව පැත්තකින් දෙමල හින්දු අන්තවාදය ? ලංකාවේ සෑම බෞද්ධ පන්සලක් අසලම ඇති හින්දු මුස්ලිම් පලාලි වහාම ඉවත් කරව් ….සාමය කියමින් නිවටුන් ලෙස බලා නොසිට බෞද්ධ පන්සල් අවට ඇති සියලුම අන්‍ය ආගමික පල්ලි කෝවිල් ඉවත් කිරීමට නීතිමය පියවර ගනිව් ..මේ සියල්ලටම වග කිව යුත්තේ උතුරේ දෙමල ජාතිවාදී ආගම්වාදී දේශපාලකයන්ය
    ජනපති සිරිසේන ,අගමැති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යනු ….

  5. JOHN says:

    විනිසුරුකරුවෝ දෙමළ නිසා ද මේ අසාධාරණ නියෝග කරන්නේ ? එම දේවාලය කඩා දමනු

    • ජසයා says:

      අසාත් සාලි මේවත් එක්කමද කිව්වේ?

    • The Citizens says:

      If the ancient Buddhist places in the north cannot be secured and protected by the present rulers ,is the clause in the constitution giving prominent place to Buddhisam just to deceive the Buddhists? Are their no provisions (these politicians or so called people in the law department have not formulated,like Vihara and Devala act) to safeguard these placesplaces.Can rulers only enforce Thesavalamei and Muslim laws only? What these power greedy ,stupid politicians are doing to safe these places of historic and religious importance?Are the archaeological officials sleeping without asking the rulers to bring laws to safeguard these places of historical importance,if they are not presently in existence?

  6. UNP GAL IBBA says:

    මේ වෙලාවේ තමාගේ නමට බොක්ක පාට කොරගැනීමට තවත් ජාතිවාදීන් දඟලනවා වගේ ???
    කෙසේ වෙතත් සිංහලයාට සහ බුද්ධාගමට තමයි අන්තිමට මුං ඔක්කොම කෙලවන්නේ???

  7. Siripina says:

    සන්හිදියාව සන්හිදියාව , කිය කියා කාලකණ්ණි රට පාවා දුන්නා එක එකාට .

  8. P. Chang Hutang says:

    බෞද්ධ යයි කියා ගන්නා අපේ මිනිසුන් අදහන්නේ බුදු දහමද? හින්දු ආගමද? පන්සල් ඇතුලේ දේවාල කුමටද? ඔය කියන දෙවි වරුන් බුදුන් වහන්සේටත් වඩා ඉහලද?

Main News