මුලතිව් ගුරුකන්ද මහා විහාරායේ විහාරාධිපති හිමියන් අපවත් වෙති…

September 22, 2019 at 2:02 am | lanka C news
මුලතිව් ගුරුකන්ද මහා විහාරායේ විහාරාධිපති හිමියන් අපවත් වෙති…

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් අපවත් හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ අපවත් වී ඇත.

විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුලදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපිවත් වී ඇත.

පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට රැගෙන යාමට කටයුතු යොදා ඇති අතර 23 වන සඳුදා පස්වරු 2ට මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇති බවට ගුරුකන්ද විහාරස්ථාන දායක සභාව කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views
Main News