මුලතිව් ගුරුකන්ද විහාරයේ CCTV සවිකිරීමට මුලතිව් පොලීසියෙන් බාධා

October 17, 2019 at 5:30 pm | lanka C news
මුලතිව් ගුරුකන්ද විහාරයේ CCTV සවිකිරීමට මුලතිව් පොලීසියෙන් බාධා

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ සිසිටිවි කැමරා (16) දින සවිකිරීමේදී මුලතිව් පොලිස් නිළධාරීන් පැමිණ එලෙස කැමරා සවි කළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසයි.

එහිදී තාවකාලික භාරකරු වූ කැලුම් බංඩාර පවසා සිටියේ ලොකු හාමුදුරුවෝ පිරිවෙ‍නේ වැඩකටයක්තකට වැඩම කරලා ඉන්න හින්දා මම තමයි විහාර‍ය තාවකාලිකව බලා ගන්නේ.අපි කැමරා හයි කරමින් ඉන්නකොට මුලතිව් පොලිසියේ කට්ටියක් ආවා.ඇවිල්ලා කිව්වා පන්සලේ සිසිටිවි කැමරා හයි කරන්න බෑ කියලා.වහාම හයි කරපුවා ගලවන්න කියලා.මට කිව්වා ඔයා පන්සල බලාගන්නවානම් ඇවිල්ලා බලලා විතරක් යන්න කියලා දැන් විහාරයේ හයි කරපු කැමරා ටික ගලවලා තියෙන්නේ යනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව ලේකම් මානෙල් කරුණාරත්න මහතා පවසා සිටියේ තමන්ටද පන්සල් භූමියේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබා දී විහාරයේ සිසිටිවි කැමරා ගලවා දැමීමට කටයුතු කරන ලෙසටත් එය අධිකරණ නියෝගයක් බවටත් පවසමිනි.

නමුත් ගුරුකන්ද විහාරයේ සියලු නඩු වව්නියාව මහාධිකරණයෙන් අවසන් කිරීමත් සමග කුමන අධිකරණ නියෝගයක් යටතේ සී.සී.ටී.වී ඉවත් කිරීමට පොලීසියෙන් නියෝග කර සිටින්නේද යන්න තමන් නොදන්නා බවත් මීට පෙරද පන්සල් භූමියේ සී.සී.ටී.වී සවි කල අවස්ථාවේදී ගලවා දැමුනු අතර පනසල් භූමිය තුල සිදුවන සත්‍ය රටට පෙන්වීම සඳහා පන්සල් ආවාසය තුල සී.සී.ටී.වී.සවි කල අවස්ථාවේදී මෙලෙසින් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කිරීම දැඩි අසාධාරණයක් මෙන්ම කනගාටුවට කරුණක් බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,333 Viewers

10 Comments to “මුලතිව් ගුරුකන්ද විහාරයේ CCTV සවිකිරීමට මුලතිව් පොලීසියෙන් බාධා”

  1. Ratavesiya says:

    Dear Mr. Sajith,

    As you have undertaken to protect all the temples under oath in public, please intervene in this particular instance and allow the priests to install CCTV cameras since it is an inalienable right of the incumbent of the temple.

    I believe and hope that you will immediately attend to this. Show that you are a real Buddhist!

    • Dp says:

      මගුලක් කියනවා..සජියා දෙමල චන්ද ටික ගන්න අවබෝදතා ගිවිසුමකට ආවා කියල දන්නේ නැද්ද

    • ☸☸☸"ධර්මචක්‍ර පොලිසි ලාංචනයද"? says:

      බෙදුම්වාදය පෙන්නා අසරනය කියලා
      මන්තරය ජප කරලා දෙවියන්ට කියලා
      මුලතිව් විහාර කන්නලව් බලගතු කියලා
      ධර්මචක්‍ර ඇඳි පොලිසි බලයක් නෑ කියලා

      • සුපිපි says:

        මොකද්ද මේ කවියෙන් කියන්න හදන්නේ ? මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ

  2. Gotaimbara says:

    Time to finish off the UNP and establish Gota’s rule in the whole island. The former Army Commander, Mahesh Senanayake stopped Danas (offering of food) to the temples by the Army units in the difficult areas.

  3. Politics says:

    UNP Bath Balayani ,

    Thopita Mewwa 2015 Kalin Ahunada?

    Yako Konda Pananathi Nayakayo Thopita aduraganna Barida.

    Thope Api Chuu NP maanasikathwaya Nathikaraganiw…

    Gotata chande Dapayaw Ratak oni num ..

  4. Love nature says:

    ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තමන් හමුවට පැමිණි අවස්ථාවේදී තමන් විසින් පැහදිලි කර දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සදහන් කරති.

    ‘මේක රට සිංහල බෞද්ධ රටක්. ඒක අපට අමුතුවෙන් කියන්න ඕන එකක් නොවෙයි.

    මට මතකයි ව්‍යවස්තාව වෙනස් කරන්න හදපු අය අනාගමික ශිෂ්ඨාචාරයක් ගැන කතා කල අයට දවසක් මම කිවුව මේ රට බෞද්ධ රටක් ඒක අල්ලන්න එන්න එපා කියල. අනාගමික ශිෂ්ඨාචාරය අපට ඕන නෑ. ආගම තුරන් කරන්න හදන අයව ප‍්‍රතික්‍ෂෙප කරන්න. එහෙම අයට ඉඩ දෙන්න එපා.

    මිහිදු හිමියන් මේ පොලවට පය තැබූ දින පටන් වසර 2500ක ඉතිහාසය තුල මේ රටේ ජීවන පැවැත්මේ සංස්කෘතියේ කොදු නාරටිය බවට පත් වෙලා තිබෙන බෞද්ධ දර්ශණය අප ආරක්‍ෂා කල යුතුයි’ යයිද කාදිනල්තුමන් එහිදී පැවසූහ.

  5. Laksman says:

    This is the last chance that Sri Lanka will ever see. I hope our voters will act wisely.

  6. sinha le says:

    ඌතුරේ සහා නැගනහිර ගම්වල පැරණි සිංහල නම් නැවත බාවිතා කල යුතුය සැම සුලු ජාතිකයෙක්ම රටේ බාෂාව අනිවාර්යෙන් ඉගනගත යුතුය මහජාතිය සුළුජාතීන්ගේ බාෂාව ඉගන නොගත යුතුය රටේ බාෂාව කතානොකරන අය පුරවැසිබලය තහනම් කල යුතුය මෙය ලෝකයේ සැම රටක්ම පිළිගෙන ඇති කරුණකි.

    • RATA WESIYO says:

      It shows clearly that the present rulers have neglected and ignored their duty and obligations to protect the ancient ,archaeological places of religious and historic importance of our civilisation in the Northern and Eastern provinces for the sake of minority votes ,depriving the next and future generations to see them. What a unprecedented damage these rulers
      have caused to our civilisation?

Main News