මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ අවසන් කටුයුතු පන්සල් භූමියේ සිදුනොකරන්නැයි අධිකරණයෙන් නියෝග කෙරේ…
September 22, 2019 at 5:30 pm | lanka C news
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීමට මුලතිව් අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අවසන් කටයුතු සිදු නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.
ඔහු පැවසුවේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අද (22) උදෑසන මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබාදී ඇති බවටයි.
පූජ්‍ය කොලඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට ගෙන ඒමෙන් වලකින ලෙසට පළමුව සිදු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව මෙසේ ආදාහන පූජෝත්සවය සිදු කිරීම වලක්වාලමින් තහනම් නියෝගය ගෙන ඇත.
අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතනදේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිළධාරීන්ට හෙට (23) උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝගයක් ලැබී ඇති බව විහාරස්ථාන දායක සභාව පැවසුවේය.
එමෙන්ම අදාල අධිකරණ නියෝගයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ විහාර පරිශ්‍රයෙන් කෝවිල් පරිශ්‍රයේ ආගමික වතාවත්වලට අගෞරව වන ආකාරයෙන් කිසිඳු සිදුවීමක් නොකළ යුතු බව වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත් නාහිමියන්ගේ ආදාහන උත්සවය හෙට (23) නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට දායක බලාපොරොත්තුවෙන් සිටින බවටත් ඒ වෙනුවෙන් සැනසිලදායි විසඳුමක් අධිකරණනේ ලැබෙනු ඇති බවටද ගුරුකන්ද රජමහාවිහාරයේ දායක සභාව වැඩි දුරටත් පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
mama otanatagiya dawasak
oka purawiddya bimak
oka purawiddayawata pawaragattanam ewarai
demalu oka iethi karaganna hadanne ungge desapaluwot unta saport
padawiya janakapura patte duppat bauddayo tama enne
අහෝ කාට කියන්නද?අපි උපන් බිමෙි අනාතයන් වී ඇත
apata ratak natha
මේ වගෙ කොන්ද පණ නැති පරගැති ආණ්ඩුවක් තුළින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ප්‍රශ්ණය මුලින්ම විසඳන්න තිබුණු දෙයක්. උතුරේ බෙදුම්වාදීන්ගේ ඡන්දවලට පෙරේතකමේ, මෙවැනි සිදුවීම් නොසලකා හැර උසාවියට යනකම් නිශ්ශබ්දව සිටීමේ පිලිවෙතක් අනුගමනය කලා. වසර 2500 ක සිංහල බෞද්ධ ඉතිහාසයක් ඇති මේ රටේ හිමිනමකගේ ආදාහනයක් සිදු කරන්නත් උසාවියෙන් නියෝග ගන්න වෙලා. වහාබ්වාදී ඉස්ලාම් අන්තවාදය ගැන මුස්ලීම් ඡන්දවලට පෙරේතකමේ නොසලකා හැර අන්තිමට අහිංසක මිනිස් ජීවිත කීයක් අහිමි වුණා ද? දැන් රටට ආදරය කරන ජනතාව එක් වී මේ පරගැති ආණ්ඩුවේ පලකයින් ගෙදර යැවීමට එකවිය යුතුයි.