මුලතිව් ගුරුකන්ද විහාර බිමේ ලිප් 150 ක් බැඳ මහා දේව පූජාවක්.. TNA මන්ත‍්‍රීන්ද එයි.. පොලීසියෙන් බලා සිටියි..

July 7, 2019 at 4:40 pm | lanka C news
මුලතිව් ගුරුකන්ද විහාර බිමේ ලිප් 150 ක් බැඳ මහා දේව පූජාවක්.. TNA මන්ත‍්‍රීන්ද එයි.. පොලීසියෙන් බලා සිටියි..

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථාන භූමියේ පිහිටුවා ඇති නීරාවි පිල්ලයාර් කෝවිලේ පැවති දේව පූජාවක් සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හා හින්දු බැතිමතුන් පිරිසක් විසින් ලිප් 150ක් බැඳ ඊයේ (06) දින පූජාවක් පැවත්වුණි.

ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කඨින පිංකම වෙනුවෙන් වස් ආරාධනා පිංකමද ඊයේ (06) දිනට යෙදී තිබුනද විහාරාධිපති හිමි පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් රෝගාතුරව සිටීමත් විහාරාධිපති හිමියන් නොමැතිව පිංකම් උත්සවයක් සිදු කිරීමට නොහැකි බව පවසමින් මුලතිව් පොලීසිය විසින් එම පිංකම් උත්සවය නවතා දැමීමට පියවර ගනු ලැබීමෙන් පසු එදින පන්සල් භූමියේ පිහිටි කෝවිලේ මෙම දේව පූජාව පැවත්වුණු අතර වස් ආරාධනා පිංකම ජුලි මස 18 වනදා දක්වා කල් දමා ඇත.

උතුරු පළාතේ දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේණාධිරාජා, එස් සිවමෝහන්, හා උතුරු පලාත් හිටපු මහ ඇමති ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින් රැසක් ඊයේ (06) දින ගුරුකන්ද විහාර භූමියේ පැවති දේව පූජාව වෙනුවෙන් සහභාගී විය.

දැනට මහාධිකරණයේ විහාර භූමිය පිළිබඳව නඩුවක් පවතින වාතාවරනයක එහිදී විහාර භූමිය පුරාවිද්‍යා භූමියක් ලෙස පුරාවිද්‍යා කොමසාරිස් වරයා මුලතිව් අධිකරණයේදී නම් කොට තිබියදී එම භූමිය හාරා ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වීම පිළිබඳව මුලතිව් පොලිස් නිලධාරීන් බලා සිටියා හැරෙන්නට වෙනත් කිසිවක් සිදු නොකළ බවට ගුරුකන්ද විහාර දායක සභාවේ සාමාජිකයින් පැවසූහ.

ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමේදී වඩාහිඳුවන ලද ප්‍රථම විහාරස්ථානය වශයෙන් සැලකෙන ගුරුකන්ද විහාර භූමියේ දිවයිනේ සෑම පන්සලකම මෙන් දේවාලයක් එවකට ගුරුකන්ද විහාරයේද ඉදිකොට තිබීමත් එය ප්‍රදේශයේ සිටි දේශපාලන නියෝජිතයින් කෝවිලක් ඇති බව හින්දු බක්තිකයින්ට ඒත්තු ගැන්වීම නිසා මෙම ගැටලුව සිදුව ඇති බවටද ගුරුකන්ද විහාර දායක සභාව පවසයි.

136 views
Main News