මුලතිව් ගොවීන්ගේ එලවලු වලට වටිනාකමක් දෙන්න යුද හමුදාවේ සහය….

August 12, 2020 at 2:09 am | lanka C news
මුලතිව් ගොවීන්ගේ එලවලු වලට වටිනාකමක් දෙන්න යුද හමුදාවේ සහය….

යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව කෘෂීකර්මාන්තයේ නියලෙන ගොවීන්ට සහය වීමේ වැඩසටහනක් මුලතිව් ආරක්ෂඛ සේනා මූලස්ථානය විසින් ආරම්භ කොට ඇත.

යුදහමුදාපති ලුතිනන් ජනරාල් සවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක තුරුමිතුරු නව රටක් සංකල්පයට අනුව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 59, 64 සහ 68 යන සේනාංකයන්හි යුදහමුදා නිලධාරීන් විසින් මුලතිව් දිස්ත්‍රීක්කයේ කෘෂිකර්මාන්තයේ නිරතවන ගොවීන් සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කොට ඇත.

එහිදී මුලතිව්හි කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට ගොවිත් ආරම්භ කිරීමට පෙර අවශ්‍ය උපදෙස් ගොවිතැන් කටයුතු පවත්වාගෙන යන ආකාරය කෘෂි බෝග ඇට වර්ග, ඇතුලු සියලු පහසුකම් සැපයීමට යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

ඊට අමතරව වගාවන්හි අස්වැන්නද වෙළඳපොළට රැගෙන ගොස් සාධාරණ මිලක් යටතේ අලෙවිකරගැනීමට අවශ්‍ය සියලු පහසුකම්ද මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථායට අයත් යුද හමුදා සෙබලුන් විසින් ලාබ දීම සිදු කරනු ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,448 views

One Comment to “මුලතිව් ගොවීන්ගේ එලවලු වලට වටිනාකමක් දෙන්න යුද හමුදාවේ සහය….”

  1. Lakshman says:

    Great idea and surely will have a great achievement.