මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය වටලා විරෝධතා

May 15, 2019 at 2:02 am | lanka C news
මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය වටලා විරෝධතා

මුලතිව් කෝකිලායි සිංහල ගම්මානයේ ඉදිකිරීමට වෙන් වූ ස්ථීර නිවාස ව්‍යාපෘතිය ලබා දෙන්නැයි ඉල්ලමින් කෝකිලායි වැසියන් පිරිසක් විසින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය වටලා සිදු කරන ලද විරෝධතාවයකින් පසු (14) උදෑසන වන විට විසඳුමක් ලබා දුන් බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුලතිව් දිස්ත්‍රීක් කලමනාකරු විජිත කේ.ගමගේ මහතා කියා සිටියේය.

කෝකිලායි වැසියන් විසින් (13) දින මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය වටලා සිදු කල විරෝධතාවයෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය හා නිවාස සංවර්ධන අධිකාරියේ මුලතිව් දිස්ත්‍රීක් කලමනාකාර විජිත කේ. ගමගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් කෝකිලායි ප්‍රදේශයේ සංචාරය කරමින් අදාල ඉඩම් පරික්ෂා කිරීමෙන් පසුව එහි මුල් පදිංචි කරුවන් වෙනුවෙන් විසඳුමක් ලබා දී ඇත.

පසුගිය 12 වනදා කෝකිලායි ගම්මානයේ ස්ථීර නිවාස 62 ක් ඉදිකිරීම සඳහා මුල් ගල තැබීමට නිවාස සංවිධාන අධිකාරිය විසින් පියවර ගෙන තිබුනද අදාල ඉඩම් වෙනුවෙන් වෙනත් දෙමළ වැසියන් පිරිසකට අයිතියක් ඇති බවට මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීම හේතුවෙන් අදාල නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මුල් ගල තැබීම තාවකාලිකව නැවත්වීමට පියවර ගෙන තිබුණි.

එහිදී 1982 වසරේ ගම් උදාව මගින් විවෘත්ත කරන ලද නිවාස 62 ඉදිකිරීමට හා එහි අයිතිකරුවන්ට ඉඩම්හි අයිතිය ඇති බැවින් කෝකිලායි ගම්මානයේ මුල් ඉඩම් අයිති කරුවන් වෙතට අදාල භූමි ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමට පියවර ගන්නා ලෙසට මුලතිව් දිසාපතිනිය අනුමැතිය ලබා දී ඇත.

1936 වසරේ සිට අවස්ථා කිහිපයකදී මුලතිව් දිස්ත්‍රීක්කයටම ඇති එකම සිංහල ගම්මානය වන කෝකිලායි ගම්මානයේ පදිංචි වූ සිංහල වැසියන් වෙනුවෙන් අවස්ථා කිහිපයකදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විශාල පිරිසක් මිය ගියද ගම අතහැර නොයා මෙතෙක් ජීවත් වූ තමන්ට හිමි වූ නිවාස ව්‍යාපෘතියද දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් නියෝජිතයින් විසින් අහිමි කිරීම දැඩි අසාධාරණයක් බවටත් මුලින් පවුල් 62 ක් සිටියදී මේ වන විට කෝකිලායි ගම්මානයේ පවුල් 275 ක් ජීවත් වන බැවින් මුල් අදියරේ අදාල නිවාස 62 හෝ ලබා දීම බලධාරීන්ගේ වගකීමක් සේම යුතුකමක් බවට කෝකිලායි ගම් වාසීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,429 Viewers

One Comment to “මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය වටලා විරෝධතා”

  1. LION says:

    කෝකිලායි ගම්මානයේ සිංහල ජාතිකයින්ට සාධාරණ ඉටුකරනු …අපේ සිංහල ගම්මාන බලෙන් අල්ලා ගෙන සිංහල ජනතාවට කරන කෙනහිලිකම් අසාධාරණ කම් වහාම නතර කරනු …සිංහල මව් බිමේ සිංහලයන් සතු ඉඩම් ඔවුන්ට නැවත ලබා දෙනු

Main News