මුලතිව් නගරයම දෙදරූ බෝම්බ පිපුරෑ තැන මෙන්න.. [Photo]

July 7, 2019 at 12:40 pm | lanka C news
මුලතිව් නගරයම දෙදරූ බෝම්බ පිපුරෑ තැන මෙන්න.. [Photo]

මුලතිව් කේපාපිලව් රක්ෂිත ප්‍රදේශයක පසුගිය 04 වනදා රාත්‍රියේ සිදු වූ පිපිරීම කොටි සංවිධානය විසින් වල දමන ලද විශාල වර්ගයක බෝම්බයක් බවට මුල්ලියාවලෙයි පොලීසිය හා යුද හමුදාව සක පල කර සිටියි.

එයට හේතු වී ඇත්තේ අදාල බෝම්බය පිපිරූ ස්ථානයේ විශාල භූමි ප්‍රමාණයකට හානි සිදු වී අවට කැලෑවට සිදුව ඇති පිලිස්සීම් වලින් බවට ආරක්ෂක අංශ කියා සිටියි.

අදාල පිපිරීම මුලතිව් නගරය, පුදුමාතලන්, මුල්ලියාවලෙයි, වට්ට්‍රාපලෙයි, නන්දිකඩාල් හා පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශයන්ට දෙදරුම් දෙමින් සාමාන්‍ය වැසියන්ද භීතියට පත්වන අයුරින් සිදු වූ බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

බෝම්බය රක්ෂිත කැලෑවක පිපිරී යාම නිසා කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම කැලෑබඳ ප්‍රදේශයේ මෙම බෝම්බය වලදමා ඉදිරි ආරක්ෂක අංශ වෙතට බෝම්බය පිපිරවීමට සැලසුම් කරන්නට ඇති බවටත් පුපුරා ගිය බෝම්බය පිළිබඳ විශේෂ පරික්ෂණයක් සිදු කරන බවටද මුල්ලියාවලෙයි පොලීෂිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,094 Viewers

One Comment to “මුලතිව් නගරයම දෙදරූ බෝම්බ පිපුරෑ තැන මෙන්න.. [Photo]”

  1. sinha le says:

    අපේ ලක්බිම විනාසකලේ මේ සුලු ජාතින් කියන කල්ලතෝනි මුන් නැත්නම් අපිට විසාල ඉදිරියකට යන්න තිබුනා අපේ කරුමේ

Main News