මුලතිව්-නන්දිකඩාල් වැසියන්ට අනතුරු අගවමින් අඩි 22 ක් උසැති රතු කොඩියක් එසවේ..

March 2, 2018 at 12:40 pm | lanka C news
මුලතිව්-නන්දිකඩාල් වැසියන්ට අනතුරු අගවමින් අඩි 22 ක් උසැති රතු කොඩියක් එසවේ..

මුලතිව් නන්දිකඩාල් කලපුවේ කෙලවරක පිහිටි වට්ටුවාක්කල් පාලම ආසන්නයේ මේ දිනවල අඩි 22 ක් උසැති කොඩියක් ඔසවා තිබෙනු දක්නට ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.

වට්ටුවාක්කල් වැසියන් මෙම කොඩිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ යුද්දය අවසන් වීමෙන් පසුව වට්ටුවාක්කල් පාලම තාවකාලික පිලිසකර කිරීමක් සිදු කලද පූර්ණ ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් පාලමේ මාර්ගය මේ වන විට බොහෝ සෙයින් අබලන්ව පැවතීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයින්ට අවධානම්ව ගමන් කළ යුතු බවට අගවන කොඩියක් කිසියම් පිරිසක් විසින් ඔසවා ඇති බවටයි.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ ග්‍රහනයෙන් මිදී අවසන් වරට ජනතාව දහස් ගණනක් පැමිණියේ මෙම වට්ටුවාක්කල් පාලම හරහා වන අතර මේ වන විට එය අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් කඩිනමින් සක්ස් කර දෙන මෙන් මුලතිව් වැසියන් ඉල්ලා සිටිති.

මුලතිව් සිට පුදුකුඩුඉරිප්පු දක්වා වැටී ඇති ප්‍රධාන මාර්ගයද වැටී ඇත්තේ මෙම වට්ටුවාක්කල් පාලම හරහා වන බැවින් යම් හෙයකින් පාලමට හානිය් වීමෙන් ගමනා ගමන කටයුතු වලට දැඩි සේ බාධා එල්ල විය හැකි බවට මුලතිව් වැසියන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views

6 Comments to “මුලතිව්-නන්දිකඩාල් වැසියන්ට අනතුරු අගවමින් අඩි 22 ක් උසැති රතු කොඩියක් එසවේ..”

  1. RK says:

    Dan mulu ratatama rathukodi thamai

  2. Chamara silva says:

    ජාතිවාදයෙන් චන්ද දුන්නට හොද පාඩම් ඕව ඉස්සහරට මුලු උතුර්ව්ම රතු කොඩි දාගෙන ඉන්න වෙඉ

  3. Boo says:

    They can ask vigneswaran to fix it. ungrateful primitive species.

  4. samuvel says:

    තව අවුරුදු දෙකයි …ඕනා .. උතුරු දකුනු සෑම තැනම පොහොට්ටු රතු කොඩි දැල්වනවා. කවුරුත් බල කරලා නොවේ, ජනතාව කැමෙත්තෙන්ම ඒ යුතුකම ඉටු කරයි. එතෙක් ඔය තැනෙක උස්සන රතු කොඩියක් අනතුරු හැඟවීමක් වේවී මේ ඉන්න ප්‍රතික්ශේපිත පාලක සහ විපක්ශ නායකයින්ට.

Main News