මුලතිව් මුල්ලිවයික්කාල්හි දැඩි පිපුරුම් හඩක්…

September 10, 2019 at 12:40 pm | lanka C news
මුලතිව් මුල්ලිවයික්කාල්හි දැඩි පිපුරුම් හඩක්…

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍ර‍දේශයේදී ඊයේ (09) රාත්‍රියේ දැඩි පිපිරුම් හඬක් සමග ගිනි ගැනීමක් සිදු වූ බවට මුල්ලිවයික්කාල් වැසියන් පවසති.

මුලතිව් මුල්ලිවයික්කාල් හරහා පුදුකුඩිඉරිප්පු දක්වා වූ ප්‍ර‍ධාන මාර්ගය ආසන්නයේ පිපුරුම් හඩ ඇසුනු බවටත් ආසන්නයේ යුදහමුදාවේ 681 බළසේනා මුලස්ථානය හා මුලතිව් නාවික හමුදා කදවුරු භූමියද පිහිටි පිහිටා ඇති බවට ප්‍රදේශවාසීණ් පැවසූහ.

අදාල පිපිරීම සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය පවසා සිටියේ අදාළ ප්‍රදේශයේ කැළැව තුළ ඊයේ රාත්‍රියේ ගිනි ගැනීමක් ඇතිවුනද  පිපිරිමක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවන බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කරන ලද ගිනි තැබීමකින් අවසන් යුද සටන් පැවති මුල්ලි වයික්කාල් භූමියේ වල දමන ලද බෝම්බයක් හෝ පුපුරණද්‍රව්‍යක් පුපුරා යන්නට ඇති බවටත් අදාල පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවටද මුල්ලි වයිකාක්කාල් වැසියන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,656 Viewers

Leave a Comment

Main News