මුලතිව් යුද හමුදා මුරපොළකට ලොරියක් කඩා වදී.. හමුදා සෙබලෙකු මිය යයි.. තවත් සෙබලෙකුට බරපතලයි..
April 17, 2019 at 11:20 am | lanka C news
මුලතිව් වට්ටාපලෙයි යුද හමුදා මුරපොළක් වෙතට ඊයේ (16) සවස ධාවනය වූ කුඩා ලොරි රථයක් කඩා වැදී සිදු වූ අනතුරකින් එක් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තවත් සෙබලෙකු බරපතල තුවාල ලබා ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
මුලතිව් සිට නෙදුන්කේනි දක්වා ධාවනය වූ කුඩා ලොරි රථයක් අධික වේගයකින් ගමන් කිරීම හේතුවෙන් එහි වේගය රියදුරට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් වට්ටාපලෙයි මන්ස්ධියේ පිහිටි යුද හමුදා මුරපොළක් වෙතට කඩා වැදී ඇත.
එහිදී රාජකාරී මුර සේවයේ යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු සිට ඇති අතර යුදහමුදාවේ 6 වන පොලිස් හේවා බලකායට අනියුක්තව සේවය කරන ලද සාමාන්‍ය සෙබල එච්.පී.එස්. පතිරන යන අය අනතුරින් මිය ගොස් ඇති අතර අනෙක් යුද හමුදා සෙබලාද බරපතල තුවාල ලබා මුලතිව් රෝහල වෙතට ඇතුලත් කොට ඇත.
අනතුර සිදු කල ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුල්ලියාවලේ පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Issara aawe bomba patawagaththa lorry…
Is this a london terror type attack on military personnel showing that is an accident but it is deliberate type attck to kill soldiers on duty at small bases.
MEMA SEDDIYA
AHA BUWAK DA
KEYA WAHAMA SOYA BALIYA UTHIEE.