මුලතිව් රක්ෂිතයේ මහපරිමාණ දැව ජාවාරමක් STF අත්අඩංගුවට…
December 13, 2018 at 2:16 am | lanka C news
මුලතිව් මුල්ලියාවලෙයි කොණ්ඩමඩු රක්ෂිතයේ මහපරිමාණ දැව ජාවාරමක් සිදු කරමින් සිටි ස්ථානයක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කල හදීසි සෝදිසි වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සමග දැව තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මුලතිව් පොලිස් විශේස කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් කොණ්ඩමඩු රක්ෂිතයේ සෝදිසි වැටලීමක් සිදු කොට ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු විසින් පලු, බුරුත සහ කළුවර ගස් කපමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කොණ්ඩමඩු රක්ෂිතයෙන් කපන ලද දැව තොගයක් මුලතිව් අඩවිවන නිලධාරීන් වෙතට භාර දීමට පියවර ගෙන ඇති අතර පසුව ඔවුන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දොසැම්බර් මස 20 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මුලතිව් අධිකරණයෙන් නියෝග කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
වන රක්ෂිතයේ මහපරිමාණ දැව ජාවාරම් කරන පුද්ගලයන්ට ජිවිතාන්ත දක්වා සිර ගත කල යුතුයි විශේෂයෙන් මේවා සිදුකරන්නේ දේශපාලකයන්ගේ සහය ඇතිව ..එවැනි දේශපාලකයන්ට විරුද්ධව නිතිය ක්රියා කල යුතුයි ..උදා බදියුදීන් වැනි වනරක්ෂිත විනාශකරන අය
TNA දේශපාලකයන් මේ සම්බන්දව කියන්නේ කුමක්ද ?උතුරේ ආණ්ඩුකාරයා නිදිද ?