මුලතිව් වැසියන්ට යුද හමුදා ලේ දෙයි…
July 10, 2017 at 6:48 pm | lanka C news
යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි 59, 64, 68 යන සේනාංකයන්හි සෙබලුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහල් ලේ බැංකු මධ්‍යස්ථානයේදී සංවිධානය කොට තිබුණි.
මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ රජිත විජේවර්ධන වෛද්‍ය තුමන්ගේ ඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.
ව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාවගේ හදීසි ලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහ රෝහල විසින් අගය කොට ඇති අතර ලේ දන් දීමේ වැඩසටහන් අවස්ථාවට සෙබලුන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
These goons never learn.
Geneva ekatath danum dunnoth hondai………………
Mung ape le walin ma jeewath wela apatama neda kelinna hadanne.
The same people will now falsely testify at Geneva that the armed forces committed horrendous war crimes.