මුලතිව් හර්තාල්…

January 31, 2020 at 5:30 pm | lanka C news
මුලතිව් හර්තාල්…

මුලතිව් ප්‍රාදේශීය රෝහලට ස්ථිර වෛද්‍යවරුන් ඉල්ලා මුලතිව් ප්‍රදේශවාසීන් (29) මුලතිව් නගරයේ වෙළඳසැල් වසා දමා මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතව වූහ.

මුලතිව් නගරයේ පිහිටි සියලුම වෙළඳසැල අද දහවල් කාලයේදී වසාදමමින් මුලතිව් වෙළඳ සංගමය හා ප්‍රදේශවාසීන් එක්ව විරෝධාතාවයක් සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත මුලතිව් ජනතාව පැවසූවේ මුලතිව් ප්‍රාදේශීය රෝහල වෙත ස්ථිර වෛද්‍යවරුන් නොමැතිකමින් රෝගීන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටින බවටත් කොරොනා වෛරස් රෝගී තත්ත්වයක් හටගෙන ඇති පසුබිමක හදිසි අවස්ථාවක් වෙනුවෙන්ද රෝහලට ස්ථිර වෛද්‍යවරුන් නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සටින හෙයින් වහාම මුලතිව් ප්‍රාදේශීය රෝහලට ස්ථීර වෛද්‍යවරුන් පත් කරන ලෙසටයි.

විරෝධතාවය හේතුවෙන් මුලතිව් නගරයේ වාහන ධාවන කටයුතු වලට බාධා එල්ල වූ විරෝධතා කරුවන් හමු වූ මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරී කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ අදාල ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යංශය හරහා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටය.

කෙසේ වෙතත් විරෝධතා කරුවන් උණුසුම් අයුරින් විරෝධතාවය පැවත්වීම හේතුවෙන් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලය අවට පොලිස් ආරක්ෂාව සැපයීමටද සිදුව තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

205 views

4 Comments to “මුලතිව් හර්තාල්…”

  1. Gorilla says:

    Mulagrama is an ancient Sinhalese city occupied by south Indian invading tamils

  2. sinha le says:

    උතුරේ පන්සල් තියාගන්න බැහැ දොස්තරලා ඉල්ලනවා ලැජ්ජයි

  3. MD says:

    Lankawe tiyena tawath winashakari koronawak tamai TNA koti awatara.mowun tamai me okkoma bedabinna karanne.kelehi guna nodath kenata koi dewal karath wadak naha.sapayak

  4. උඹල ඡන්දෙ දීල පත් කර ගනිපු සජිත් ගෙන් ඉල්ල ගනිල්ලා-ගෝඨගෙන් ඉල්ලන්න එපා. නැත්නම් සුමන්දිරන්ගෙන් ඉල්ල ගනිල්ලා.