මුලතිවුහිදී මහ විරු සැමරුම් පවත්වති..
December 4, 2020 at 5:30 pm | lanka C news
අවසන් යුද සමයේදී මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ වැසියන් 32 දෙනෙකු සිහිපත් කිරීම 36 වන සංවත්සරය (02) දින ඔතියමලෙයි ප්‍රදේශයේදී පැවත්වුණි.
යුද සමයේදී මිය ගිය පිරිස් වෙනුවෙන් පසුගිය වසරේ (2019) දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ව සිටි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් ඔතියමලෙයි ප්‍රදේශයේ ස්මාර්කයන් සාදා දෙනෙු ලැබීය.
ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් ඇතුලු පිරිසක් අදාල ස්ථානයට පැමිණි මිය ගිය පිරිස් වෙනුවෙන් මල් පහන් දල්වා සෙත් ශාන්ති පැමිණවීය.
1984 වසරේ දෙසැම්බර් 02 වන දින යුද සමයේදී ඔතියමලෙයි ප්‍රදේශයේ සිටි සාමාන්‍ය වැසියන් පිරිසක් බෝම්බ සහ වෙඩි ප්රහාරයන්ට ලක්ව සාමාන්‍ය වැසියන් 32 දෙනෙකු ඉන් මිය ගියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මන්ත්‍රීවරිය මහා විරු සැමරුම කලේ නැහැ.
මහා විරු සැමරුමක් සිදුවන අවස්තාවක මන්ත්‍රීවරිය එතන හිටියා පමණයි
ඔය සාමාන්‍ය වැසියන් කියලා කට්ටියක් ඵ් දවස් වල නම් හිටියේ නැහැ. කැමැත්තෙන් අකමැත්තෙන් හෝ LTTE ඵකට සහයෝගය උපරිම ලෙස ලබාදුන්නා.ඕවා බොරු බයිලා.වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
කෝ මේ බයියො,,, පැණිය බීලා නිදිද ?
බයියො ඉල් විරු සමරුවට ගිහිල්ලා.
මම සර්. මම එහි සිටී නම් කිසිවෙකු එය නොකරනු ඇත. නමුත් මේ සිරාට එය කළ නොහැක.
ගොං බෛයො මීක් නෑ ! 😂😂😂😂😂😂
ඉල් විරු සමරුවද වහා තහනම් කල යුතුය. JVP එකද LTTE ට දෙවෙනි නොවන ත්‍රස්තවාදී කටයුතු කර ඇත. එමනිසා ඉල් විරු සමරුවද සමගින් JVP එකද තහනම් කල යුතුය.