මුලතිවු විශ්වමඩු උණුසුම්.. හමුදාවෙන් අහසට වෙඩි..
June 18, 2022 at 11:02 pm | lanka C news
මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ඉදිකොට තිබූ යුදහමුදා මුරපොලක් ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ පැවති නොසන්සුන්තාවයක් හේතුවෙන් යුදහමුදාව සහ සාමාන්‍ය වැසියන් අතර වූ ගටුමක් නිසා යුදහමුදාවේ තිදෙනෙකු සහ වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
විශ්වමඩු යුදහමුදා මුරපොළක් ආසන්නයේ පැවති අදාල නොසන්සුන්තාවය මැඩපැවත්වීම සඳහා පසුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබූ අතර යුදහමුදාවෙන් අහසට වෙඩි තබා විරෝධතාකරුවන් පලවා හැරීමටද පියවර ගෙන තිබුණි.
ඊයේ රාත්‍රියේ විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල ආසන්නයේ තිබූ යුදහමුදා මුරපොළ අසලට රැස්වූ සාමාන්‍ය වැසියන් පිරිසක් වහාම ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වී ඇත. එහිදී විරෝධතාකරුවන් අදාල ස්ථානයෙන් ඉවත්කිරීම සඳහා යුදහමුදාව ගත් උත්සහයකදී විරෝධතාකරුවන් සහ යුදහමුදාව අතර ඇති වූ බහින්බස්වීම දුරදිග යාමෙන් විරෝධතා කරුවන් විසින් යුදහමුදාවට පහරදීමට උත්සහ ගෙන ඇත.
එහිදී විරෝධතාකරුවන් විසින් ගල්, විදුරු සහ බෝතල් වලින් යුදහමුදාවට පහරදී ඇති අතර අදාල පිරිස් පලවා හැරීමට යුදහමුදාව විසින් අහසට වෙඩි තැබීමටද පියවර ගනු ලැබීය.
පසුව තත්වය පාලනය කිරීම සඳහා පුදුකුඩිඉරිප්පු පොලීසිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තත්වය පාලනය කොට අදාල ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කොට ඇතැයි පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් සිවිල් වැසියන් සහ යුදහමුදාව අතර වූ ගැටුමෙන් යුදහමුදා සෙබලුන් තිදෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර ගැටුමට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පේනවාද ඔබ කල පවු දුර දිග නොබලා
After effects of diaspora involvement
Molda??
ආයෙත් පර දෙමල කොටි නැගිටිනවා. සිංහල ජනතාව සියලු වාද බේද දුරලලා ජනපතිතුමා වටා එකතුවියයුතු කාලය එලබ ඇත.
සිංහල දෙමල මුස්ලිම් සියලුදෙනාට ඇත්තේ එකම ප්රශ්නයයි සියලු දෙන එක්වී මුන්ව පන්නමු
kata wahagena hitapiya jeppa