මුල්ලවයික්කාල් අවසන් යුද බිමේ මිය ගිය අය සමරන උත්සවයට සියල්ල සූදානම්.. යාපනය සරසවි සිසුන් ශ්‍රමදානයක..

May 1, 2018 at 3:50 pm | lanka C news
මුල්ලවයික්කාල් අවසන් යුද බිමේ මිය ගිය අය සමරන උත්සවයට සියල්ල සූදානම්.. යාපනය සරසවි සිසුන් ශ්‍රමදානයක..

යුද්දය අවසන් වී වසර 9 ක් ගෙවීම නිමිත්තෙන් අවසන් යුද බිම වූ මුලතිව් වෙල්ල මුල්ලි වයික්කාල්හි පිහිටි යුද ස්මාර්කය අසලදී යුද්දයෙන් මිය ගිය අය සිහිකිරීමේ උත්සවය වෙනුවෙන් සියල්ල සූදානම් බවට යාපනය ශිෂ්‍ය සංගමය විසින් කියා සිටියේය.

ඔවුන් මේ බව කියා සිටින්නේ මේ දිනවල මුලතිව්  වෙල්ල මුල්ලි වයික්කාල්හි මිය ගිය අය වෙනුවෙන් ආශිර්වාද සෙත් ශාන්ති පමුණුවන ස්මාර්කය අසල හා අවට ප්‍රදේශය සුද්ද පවිත්‍ර කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

යුද්දය අවසන් වී වසර 08 මේ වන විට ගෙවී අවසන් වී ඇති අතර මේ මස 18 වනදාට වසර 09 ක් පිරෙන අතර ඒ නිමිත්තෙන් උතුරේ සියලුම දේශපාලන පක්ෂ නායකයින්හා නියෝජිතයින්ගේ මෙන්ම යුද්දයෙන් මිය ගිය අයගේ ඥාතීන්ගේද සහභාගීත්වයෙන් මුල්ලි වයික්කාල්හි මිය ගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති කුඩා ස්මාර්කය ඉදිරියේදී විශේෂ ආගමික වාතවත් කරමින් මිය වැසියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනු ලබයි.

මෙවර සැමරුම වෙනුවෙන් යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයද සහභාගී වීමට පියවර ගෙන ඇති අතර විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ආගමික නායකයින් රැසක්ද සහභාගීවීමට නියමිතව ඇති බවටද වාර්ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27 views

6 Comments to “මුල්ලවයික්කාල් අවසන් යුද බිමේ මිය ගිය අය සමරන උත්සවයට සියල්ල සූදානම්.. යාපනය සරසවි සිසුන් ශ්‍රමදානයක..”

  1. lion says:

    ජර්මනියේ හිට්ලර්ගේ පින්තුරයක් කිසිම තැනක ඇලවීම තහනම් හිට්ලර්ට වඩා දරුනු මිනීමරුවන් සමරන්න යමපාලනය ඉඩ දීලා ලැජ්ජයි

  2. sinha le says:

    ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි.
    අසිංහලයින් සිංහලේ රැදී සිටීම වරදක් බව ඔවුන් දත යුතුය.
    අසිංහලයින් සිංහල අයිතීන්වලට අත නොතැබිය යුතුය.
    සිංහල අයිතීන් වලට අසිංහලයින් ගරු කල යුතුය.
    එබැවින් සිංහලේ රටෙන් අසිංහලයින් පිටමං වියයුතුය

    සිංහලයින්ගේ නිදහසට ගරු කරමින් අසිංහලයින්පිටමං විය යුතුය.

  3. lion says:

    ඔබේ රට Sri Lanka නොව එය සිංහලයේ රාජ්යයි.

  4. sinha le says:

    1948දී ඔබේ මුතුන් මිත්තන් දීනාගත් රට “සිංහලේ රාජ්‍යයි”
    1815 දී ඔබ මුතුන් මිත්තන් අතින් ගිලිහුනේ ඒ “සිංහලේ රාජ්‍යයි”
    නිදහස ලැබුණි නම් අපේ රට “සිංහලේ රාජ්‍යයි”
    මෙය අසිංහලයින්ගේ රට නොවේ “සිංහලේ රාජ්‍යයි”

  5. Tomy says:

    ඔය සියල්ල පිටිපස්සේ ඉන්නේ ඉතින්………ඕනේ නැහැ . අන්තිමට ආගමකට පහර ගහනවා කියයි . දන්නෝ දනිති .

  6. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මියගිය සාමාන්‍ය වැසියන් සිහිකිරීමේ අවුලක් නැහැ

Main News