මුල්ලිවයික්කාල් මිය ගිය ජනතාව වෙනුවෙන් ලේ දන් දෙයි…

May 21, 2018 at 5:30 pm | lanka C news
මුල්ලිවයික්කාල් මිය ගිය ජනතාව වෙනුවෙන් ලේ දන් දෙයි…

මුලතිව් මුල්ලි වයික්කාල් අවසාන යුද සමයේදී මිය ගිය වැසියන් සිහිකරමින් ඔවුන්ට සෙත් පතා ලේදන් දීමේ වැඩසටහනක් යාපනය නාවලර් ප්‍රදේශයේදී ඊයේ (20) දින සංවිධානය කොට තිබුණි.

නාවලර් මණඩපයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින් විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කොට තිබූ අතර යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ සහයද ලැබී තිබුණි.

ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් විසින් මුල්ලිවියක්කාල් වැසියන් වෙනුවෙන් සිය ලේ දන්දීම මෙහිදී කැපී පෙනුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10 views
Main News