මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිද දමති….

May 14, 2021 at 2:28 am | lanka C news
මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිද දමති….

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර්කය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් පවසති.

යුද්දය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මර්කය පිරිසිදු කිරීමට ගිය මුල්ලි වයික්කාල් වැසියන් ස්මාර්කය කඩා දමා ඇති බව දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ පහන් කනු ස්මාර්කයේ පහන් දල්වන ප්‍රධාන පහන ආදිය කාඩා ස්මාර්කයට දැඩි හානි කොට ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටියහ.

පවතින කොවීඩ් අවධානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුදසැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම සිදුව ඇතැයිද අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි සොයා බලා නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙසටද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

52,845 views

7 Comments to “මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිද දමති….”

  1. ජයන්ත says:

    හොඳවැඩේ……

  2. ප්ලැකනිල් වහන්සේ says:

    මේ වෙලවෙම දෙමළ අන්තවාදයත් නවත්තන්න වෙනවා. කරපු එවුන් අල්ලා ගන දඩුවම් දෙන්න ඕනෑ. මේ රටේ මුස්ලිම් ජනතාව එක නීතියක් දාගෙන ඉන්නේ. දැන් දෙමළ ජනතාවත් ආපසු ත්‍රස්තවාදය පටන් ගන්න යන්නේ. බූරු පුතානෝ බලයට ආවොතින් මේ දෙමළ ත්‍රස්තවාදය ඉහළම මට්ටමින් ප්‍රවර්ධනය කරාවි.

  3. කඩපු ඵවුන් දැලේ.. says:

    ඉන්දියානු නිඝණ්ඨ කාර්‍යලය සහ ලිට් ‘රෝ’ ”දබර අමිලගේ ගමන්මාර්ග දුරකථන ගිනුම් පරීකෂාවට සහ ලක්කලේනම් කඩපු ඵවුන් දැලේ..

    • CAT says:

      මුල්ලිවයික්කාල් ස්මාරකය සාදා ඇත්තේ මිනීමරු මෙලෙච්චේද පිරපකරන් ත්‍රස්තවාදියා ඇතුළු තරස්තවාදීන් සිහිකිරීමට නම් එය සම්පුර්ණයෙන් ඉවත් කල යුතුයි ..මෙය ජාතිවාදය ඇවිස්සීමට දෙමල දේශපාලුවෝ සිදු කරන්න ඇති ..LTTE ත්‍රස්තවාදීන් සිහිකිරීමට අපේ රටේ කිසිදු ස්මාරකයක් අවශ්‍ය නැත

  4. දැන් ෂැපද බයියා. says:

    කෝ රටේ ආරක්ෂාව .

  5. Lapaya says:

    Ko may Kamal gune? Pol ganawada?

  6. ඕකත් අර කැම්පස් එකේ වගේ ම උන් ම කඩල
    උන් ම ආයෙ මුල් ගල තියල modify කරපු ස්මාරකයක් හදාගන්න ගහපු ගැටයක් වෙන්න ඇති
    ඔව්ව නිකං උන්නාගෙම නාට්ටි විතරයි

Main News