මුල්ලෙවයික්කාල්හි මහ විරුවන් සමරති.. විශාල පිරිසක් එක්වෙති….
May 18, 2022 at 3:50 pm | lanka C news
අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් 13 වන යුදසැමරුම අද (18) දින මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි යුදසැමරුම් ස්මාර්ක භූමියේදී සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි.
මීට වසර 13 කට පෙර පැවති අවසන් යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාර්කය අසලදී මේසේ සැමරුම් උත්සවය පැවත්වුණි.
මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ ප්‍රධාන ගිනිසිලුව අවසන් යුද්දයේදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචිව සිටියදී මිය ගිය අයෙකුගේ ඥාතීන් හා ආගමික නායකයින් අතින් දැල්වූ අතර පසුව රැස්ව සිටි විශාල ජනතාවක් ගිනිසිලුව වෙතට පුෂ්පෝපහාර දක්වා පහන් දැල්වා ශෝකය පලකොට සිටියහ.
මෙහිදී උත්සව අව්ථාවට සහභාගී වූ සියලුම දෙනා අවසන් යුද්දයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා කොට භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කරන ලදි.
මෙම යුදසැමරුම් අවස්ථාවට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක ජනතා නියෝතියන් රැසක්ද සහභාගී වී සිටියහ.
මේ අතර වෙල්ලමුල්ලි වයික්කාල් යුදසැමරුම් ස්මාර්ක භූමියට පැමිණි ජනතාවගෙන් වැඩි දෙනා කොවීඩ් අවධානම වෙනුවෙන් පිලිපැදිය යුද මුව ආවරණ පැළඳීම ආදී සෞඛ්යාරක්ෂිත පියවර සඳහා සැලකිල්ලක් නොදක්වා සිටීමද විශේෂ විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ජවිපෙට පුළුවන් නම් ඉල් මහ සමරුව තියන්න ඇයි උන්ට බැරි ?
මේ සියලුම අය මිය ගියේ වැරදි නායකයෙක් අනු ගමන කල නිසයි. දැන්වත් ඉන්න ටික මොලේ පාදගනිල්ලා.
@ Nihal; තවම නයට කැහැලා ඉවර නැද්ද ?