මුල්ලේරියාවේ අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා රෝගීන් දෙදෙනෙක්…

October 22, 2020 at 2:10 pm | lanka C news
මුල්ලේරියාවේ අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා රෝගීන් දෙදෙනෙක්…

මුල්ලේරියාව රෝහලේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකින් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණී පුද්ගලයන් දෙදෙනකුට මෙසේ පරීක්ෂණ සිදු කර ඇත.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර ගැනීමට ඔවුහු රෝහල වෙත පැමිණ තිබූ අතර එහි දී සිදු කරන ලද පරීක්ෂණයේ දී ඔවුන් ආසාදිතයන් යයි හෙලිවී තිබේ.

මේ අතර රේගු දෙපාර්තමේන්තුවේද සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වීම නිසා රේගුවේ භාණ්ඩ නිෂ්කාෂනය සීමා කිරීමට පියවර ගෙන ඇත.

36,761 views

2 Comments to “මුල්ලේරියාවේ අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා රෝගීන් දෙදෙනෙක්…”

  1. ක්‍රිමිනල් says:

    අපේ සලා නං කියන්නේ එක්සත් රාජාණ්ඩූ රාජපක්ශ රජයේ දෙකොටී විසිදෙලක්ශයකට ආසන්න වූ ජනතාවටම කොවිඩ් හැදුනත් එය මිනුවංගොඩ (බ්‍රැන්ඩික්ස්) පොකුර හා සම්බන්ධයි කියලා.ලංකාවට කොවිඩ් ආවේ මිනිවන්ගොඩ මගුල් ගේකින් , එතනට ආවේ අගහරුලොකෙන් කඩාපාත්වුනු උල්කාශ්මයකින් කියලා තමයි අපේ ස’ලා කිව්වෙ.

    • ජනක says:

      යකෝ… හැම එකටම දේශපාලනය පටලා ගන්න එප… මේක ජාතියක් ලෙස එකාවන්ව තම රටේ ආරක්ශාව ගැන සිතියු යුතු මොහොතක්…

Main News