මුල් ඉඩම් ඉල්ලා උතුරේ විරෝධතා

August 17, 2020 at 2:09 am | lanka C news
මුල් ඉඩම් ඉල්ලා උතුරේ විරෝධතා

මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ යුද්දයෙන් පසුව නැවත පදිංචියට පැමිණි වැසියන්ගේ මුල් ඉඩම් වහාම ලබා දෙන ලෙසට ඉල්ලමින් විරෝධාතාවක් සංවිධානය කොට තිබුණි.

කෝකිලායි ප්‍රදේශයේ නැවත පදිංචි වූ වැසියන් පිරිසක් විසින් මෙම විරෝධතාව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසලදී සංවිධානය කොට තිබූණි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩි දුරටත් පවසා සිටියේ ,

‘ යුද්දය හේතුවෙන් කෝකිලායි ප්‍රදේශයේ පදිංචිව සිටි වැසියන් විශාල පිරිසක් නිවාස හා ඉඩම් අතහැර ගිය බවටත් යුද්දයෙන් පසුව නැවත පදිංචියට පැමිණි අවස්ථාවේදී එම මුල් ඉඩම්හි ආරක්ෂක අංශ කඳවුරු හා විවිධ වූ රජයේ ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් වෙන් කොට සිටීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් විහාල පිරිසකට මුල් ඉඩම් මේ වන විට අහිමි වී ඇති බැවින් වහාම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඉඩම් ගැටලුව විසඳ දෙන ලෙසට එහිදී විරෝධතා කරුවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,884 views
Main News