මුල් එන්නත් දෙකේ ප්‍රතිශක්තිය අඩුවෙමින්.. බුස්ටරය කඩිනමින් ගන්නැයි දන්වයි…
January 22, 2022 at 8:40 am | lanka C news
කොවිඩ් මර්දනය වෙනුවෙන් මෙරට ජනතාවට ලබාදුන් මුල් එන්නත් මාත්‍රා දෙකේ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන විම නිසා මෙරට දෛනික කොවිඩ් ආසාධිතයින් ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බැවින් තෙවැනි මාත්‍රාව වන ‘බුස්ටර් එන්නත’ ජනගහානයෙන් වැඩි ප්‍රතිශතයකට ලබාදීමට රජය කඩිනම් පියවර ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ සහාකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහාතා පැවසීය.
කොවිඩ් මර්දනයට ලබා දෙන තෙවැනි එන්නත් මාත්‍රාව මේ වන විට ලබාගෙන තිබෙන්නේ මෙරට ජනගහනයෙන් 30% ක් පමනයි.
මේ වන විට දෛනිකව කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබිම ඉහළ අගයක් ගැනිම දක්වා වර්ධනය විය හැකි බැවින්ද එන්නත් වල ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීනවිම නිසාද මෙලෙස දෛනිකව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින නිසා එන්නත පිළිබදව මිත්‍යා මතවලට හසුනොවි බුස්ටර එන්නත් මාත්‍රාව ලබා ගැනිමට ජනතාව පියවර ගත යුතු බවද වෛද්‍ය නවින් ද සොයිසා මහාතා කියා සිටියේය.
– සුජිව තත්සර
බෙහෙත් සමාගම්වලට මල්ල කරේ.
Ai thope helu wejjunta gaanak kada gannaa nathi eka gana dukada?