Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

April 2, 2020 at 10:32 pm | lanka C news
Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ මුල්දින 20 තුල කොරෝනා ආසාදිත සංඛ්‍යාව 150ට ආසන්න වුවද ඇමරිකා එක්සත් ජනපදයේ මුල් දින 23 වාර්තා වී ඇති රෝගීන් 11කි.

මේ සියලු කාරණා සලකා බලමින් ඉදිරි දින 07 ඇතුළත අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් තවත් රෝගීන් 244 අපේක්ෂා කළ හැකි බව ඇමෙරිකාවේ සුප්‍රකට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පුරෝකථනය කර ඇති බව සංගමය පෙන්වා දෙයි.

දින 14 ක් තුල රෝගීන් 403ක්, දින 21ක් තුල රෝගීන් 660ක් වාර්තා වනු ඇතැයිද ඔවුන් පුරෝකතන කර ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම පුරෝකථනයන් ඉදිරිපත් වන්නේ දැනට හඳුනාගෙන සිටින රෝගීන් අනුව බවත් හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවත් ඔහු පැවසීය.

109,972 Viewers

59 Comments to “Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..”

  1. Gunaruwan says:

    We live in a country where average temperature is very different to USA. hence this comparison is not much valid scientifically.

    • Kotalawala says:

      ඇමෙරිකාවෙ දැන ගත්තා..ලංකාවෙ අල්ල ගත්තා…ඒකයි වෙනස..

    • Araliya says:

      Thawath deyak thiyenawa. Samahara rogin covid 19 positive uvada ovun quarantine centers wala hiti ayai. (hambayo hera) ebevin apa arakshaka RI viya yuthui. Namuth anawashya lesa kalabala no Iya yuthui.

    • AK47 says:

      ඇමෙරිකාව වගේ නිකම් හිටියනම් ඔය ගාන එනවා.
      නමුත් ලංකාවේ බුද්ධි අංශ විසින් ආසාදිතයින් ඇසුරු කල අය හදුනාගෙන නිරෝධායනය කල නිසා ඔච්චර ඉහල යන්න විධියක් නැහැ.

    • Disce ammata discede says:

      This GMOA trade union fellows are not competent enough even to understand that simple fact.

    • Me says:

      Please teach John Hopkins people to use scientific methods.😂

    • Wijebahu says:

      Spreading rate is much lower in Whole of subcontinent and africa. This why infection rates and death rates are very low compare to Europe and USA who’s is just coming out of a very cold winter. And their people movements were 100 times more. If same thing happened to SL and sub continent people will die like fleas. We are lucky in that perspective as curfew is not totally effective as people are still out there.

    • බන්ඩා says:

      ඔය මුල් චිනය පටන් ගන්නෙ කවද ඉදලද. මම හිතන්නෙ චීන කොරෝනා කත හමුවූ දිනය විය යුතු බවය්.

    • රටට හිතැති says:

      ජනපතිතුමනි වහාම මේ ගොමා කල්ලිය අත්අඩන්ගුවට ගන්න. මොවුන් එක එක ගනන් ඉදිරිපත් කරමින් රට බය කරවනවා. කලින් කිව්ව මාර්තු අග වෙනකොට දාස් ගානක් රෝගින් බිහිවෙනව කියල ඒක අසාර්තක වුනාම තව දේවල් කියනව.

    • Fernando says:

      I went through John Hopkins website and couldn’t find such a report. Can the GMOA reveal the original source (the web link) of this report. LCN – Before you publish these reports please at least verify by referring to the source without misleading and scaring people.

      • Damian says:

        මේ ගණන් හිලව් විශ්ලේඅනය සම්පූර්නයෙන් වැරදියි. වෛද්‍ය අංශ මහා මෙහෙවරක් කරද්දී මේ සමිතියක ඉන්න කීප දෙනෙක් තමන් නොදන්න දේවල් කියන්න ඇවිත් පල් වෙනව​.

        මේවා 4-5 පන් තියේ ගණන් හදන විදියට හදන්න බෑ. ගන්න දත්ත ගැන අවබෝධයක් තියෙන ඒ ගැන දන්න අය කරන ඕන​.

        ලෝක සම්මතය තමයි මුල් රෝගීන් 100 වාර්තා උනාට පස්සෙ වෙන වර්ධනය සලකා බැලීම​.
        ඒ අනුව ඇමෙරිකා වේ මුල් 100 න් පස්සෙ දින 10තුල රෝගීන් 1,312 ක් හමු උනා.
        ලංකාවේ මුල් 100 න් පසු දින 10 දී වර්ධනය උනේ 150 ක් දක්වා.
        ඒඅයගෙනුත් බහුතරය වෙන් කර ලොක් කරන ලද ස්ථාන වලින් රෝගය පිටට එන්න පෙර රෝග ලක්‍ෂන නැතුව අල්ල ගත්ත අය​.
        මේ නිසා මේ GMOA හදන ගණන් පිලිගත් ක්‍රමවලට විරුද්ධ ක්‍රම​. මේ සමිතියෙ දොස්තර මහත්වරු දත්ත විශ්ලේෂන ය දන්නෙ නැත්නම් දන්න අයගෙන් උදව් ගත යුතුයි.

  2. 😥😥😥😥😥😥😥 says:

    හුස්මය ඔබ හදවතේ අපට සින්නක්කර තබා
    ක්‍ෂනිකවම නවතයි කාලය හද ගින්නෙන් ඔබා
    නෙත අග ගලනා කඳුලු දකිනා දොස්තර තබා
    දිවයන ගොලුවතයි සැම අතරෙහිම ඇස් ඔබා

  3. ALF4 says:

    GOMA IS MISSLEADING THE NATION

    • 😥😥😥😥😥😥😥 says:

      මහ හඬ නොදී ඉස්පිරිතාලෙදි සිතින් හඬා
      තාත්තා මහ හඬ දිදී ගෙදරදි දුකින්ම හඬා
      දොස්තර දෙවියෙකි කිව්වත් ලෙඬුන්. හඬා
      ඉවසනු බැරිය දකින සැම මොහොත හඬා

    • Chatura putha says:

      ALF4 උඹ ගොබ්බ මැට්ටෙක් බං.GOMA නෙමෙයි බූරුවො GMOA [GOVERNMENT MEDICAL OFFICERS ASSOCIATION]ඒක දන්නෙ නැත්නම් කට වහගෙන හිටු. උඹ දොස්තර කෙනෙක් නෙමෙයිනෙ.දොස්තරලගෙ වැඩේ ඒ අයට කරන්න දීල උඹ උඹේ වැඩක් බලාගනින්.උඹ නම හංගල ලිව්වට උඹ කව්දැයි කියන්න අපි දන්නව.උපතෙ වැරැද්ද ලෝකෙට පෙන්නන්න එපා ගොබ්බයො.

      • country man says:

        You are a big bloody fool. You think you are perfect???.First,we are all humans,and we make mistakes, secondly GMOA doctors should be in the hospitals instead of commenting. From a long time these two doctors are trying hard to get in to the political arena.

      • Malaka says:

        ගු.එම්.ඕ එකේ ඉන්න එවුන්ව අයෙමත් ඉස්කෝලේ අරින්න ඕන ගණන් ඉගෙන ගන්න. පට්ට maths knowledge එකක් තියෙන්නේ. මට නම් පෙන්නේ මේක මුන්ගේ plan එකක්. හිතා මතා මේ වගේ මෝඩ චුන් එකක් දෙනවා, මිනිස්සු මොනාද කියන්නේ බලන්න. එහෙම නැත්නම් අර පොඩ්ඩක් ඇත්නම් නැට්ට උස්සන් දගලන මීඩියා සෙට් එක ෆෝම් කරන්න. මුන් මේ නිවුස් දාල මෝඩ මිනිස්සු බය වෙනවා දැක්කම බඩ අල්ලන් හිනා වෙනවා ඇති.

      • Damian says:

        @ Chatura putha, වෛද්‍ය අංශ මහා මෙහෙවරක් කරද්දී මේ සමිතියක ඉන්න කීප දෙනෙක් තමන් නොදන්න දේවල් කියන්න ඇවිත් පල් වෙනව​.
        මේවා 4-5 පන් තියේ ගණන් හදන විදියට හදන්න බෑ. ගන්න දත්ත ගැන අවබෝධයක් තියෙන ඒ ගැන දන්න අය කරන ඕන​.
        ලෝක සම්මතය තමයි මුල් රෝගීන් 100 වාර්තා උනාට පස්සෙ වෙන වර්ධනය සලකා බැලීම​.
        ඒ අනුව ඇමෙරිකා වේ මුල් 100 න් පස්සෙ දින 10තුල රෝගීන් 1,312 ක් හමු උනා.
        ලංකාවේ මුල් 100 න් පසු දින 10 දී වර්ධනය උනේ 150 ක් දක්වා.

        මේ GMOA සමිතියෙ දොස්තර මහත්වරු දත්ත විශ්ලේෂන ය දන්නෙ නැත්නම් දන්න අයගෙන් උදව් ගත යුතුයි.

        GMOA office bearers are not qualified analysts. They think this is like අච්චරට එච්චර නම් මෙච්චරට කොච්චරද grade 4 maths .
        These cunning fellows are misleading the entire nation. They will get the punishment from mother nature.

        • Dosthara malli says:

          Oya high talk thena hamoma puken giyama anthimata GMOA sarana thamai

        • Chatura putha says:

          අමෙරිකාවෙ ජනගහනය මිලියන 331යි,ලංකාවෙ ජනගහනය මිලියන 22යි.අනුපාතයට ගනන් හදල බලන්න​.පුරෝකථන පැත්තකින් තියල මේ ව්‍යසනයෙන් බේරෙන්න බලමු. පාට කණ්ණාඩි අනවශ්‍යයි,ප්‍රවේශම අවශ්‍යයි,කැපවීම අත්‍යාවශ්‍යයි.

    • Me says:

      Is it a prediction by GOMA or John Hopkins?
      Please don’t be ridiculous. Use your common sense.

      • 77 UNP says:

        No, this is not a prediction of GMOA, this is their wish, because GMOA give their full time service to drug companies for commision. Not only money, foreign tours, parties, get togethers, family trips in country with all expenses, lot of stationeries and so many. How nice. Let’s become patents, don’t use local drugs such as even Koththamalli, Katuwelbatu kasay.

    • Sam says:

      Yes, they are .. you better do your normal work and get coronavirus and …

      They are trying to show the facts to people to make them aware of the danger. If not people will blame them later. As people like you always twist the tongue.

      Their simple message with these analysis is .. Stay Home and help them control this.

    • country man says:

      You 100% correct. I haven written comments about how the GMOA are misleading people.They should join the medical teams who are truly working to help the people instead of staying in a safe place and talking rubbish. If this John Hopkins can predict things about Srilanka, they should have seen what was going to happen to the USA long time ago.

  4. අංජු says:

    තෙරුවන් සරණින් මගෙ මව්බිම ආරක්ෂා වේවා….!!!!!!!

  5. Dikman Aiyya says:

    Well According to RT News –
    In the US — which now has over 200,000 confirmed cases and 5,000 deaths — 38 states, 48 counties, 14 cities, the District of Columbia and Puerto Rico are being told to stay home. This means over two thirds of the US’ population are now under stay-at-home orders.

    Jobless claims have hit a record 10 million within the US — with 6.6 million people filing for the week ending on March 28 — as the virus continues to shut down industries and leave people out of work.

    Sri Lanka is in a far better place than US,..

  6. Sujatha says:

    Rogaya welakveema sandaha ganna siyalu kriyamarga 100%k ma sarthaka wewa. E wenuwen wehesa wannawu siyalu niladarinta THUNURUWANGEMA SARANAI.

  7. කොරොනා says:

    එකම විදිහට විවිධ රටවල මේක වැඩි වෙයි කියල උපකල්පනය කරන්න අමාරුයි. මියැන්මාරයේ දැන් පලවෙනි දින 10ට රෝගින් 20යි. ඒ රටෙත් එහෙනම් දින 20ට පස්සෙ ඇමරිකාවට වඩා දරුණු විය යුතුයි. අනෙක මියැන්මාරයේ පලවෙනි සතියේ කෙනෙක් මැරිලත් තියනව. ඒ කියන්නෙ ඊට සති දෙකකටවත් කලින් රෝගීන් ඉඳල තියනව. එම නිසා එක එක රටවල මේක පැතිරෙන වේගය හා ප්‍රමාණය වෙනස් විය හැකි බව පේනවා..

  8. Saranga says:

    240 ක් නෙමෙයි 50000 දවසක් ඇතුලත් හොයාගත්තත් අපේ බූරුවෝ රට වටේ ඇවිදින එක නවත්වන්න බෑ. එච්චරට අමු ගොං රැලක් ඉන්නේ.

  9. Mad says:

    ඕක ඔහොම බලන්න බෑ ඉතාලිය මුල් දින 20 .. 10 000යි..පලවෙනි ලෙඩා හොයාගන්න කොට සමාජයේ කොපමන පැතිරිලා ඉවරද කියන එක මත සහ ලොක් ඩවුන් කරනකොට කොපමන පැතිරිලාද කියන එක මත තීරනය වෙන්නෙ.

  10. Disce ammata discede says:

    The top gang of GMOA is playing dirty political game. Spreading fear by predicting false numbers day after day deliberately.

  11. AJ says:

    Who is telling the truth John Hopking University or GMOA ?? Past statistics are not valid for forecasting number of patient . Why they do not consider number of death?

  12. samantha says:

    our graph is completely wrong 1st case started at the end of January. srilanka graph goes well bellow those countries. Haritha aluthge has become a joke
    .

  13. යාඥාපාල says:

    ආගම් කටයුතු වලට සිදුවෙන රැස්වීම් මෙම ව්‍යාප්තියට හේතුවන එකක්.
    වැඩියෙන්ම දේව ඇදහිලි.
    තමන්ට යාඥා කරන අය බේර ගන්න දෙවියන්ට බැහැ.
    දැන් ඕව නතර කරන්න කාලයයි

  14. රංජිත් says:

    ඇමරිකාවේ, එන්ගලන්තෙ, උන් කෝරෝනා වන්න කැවට,අපේ රටේ එහෙම නෑ.අපි උන් වගේ අදීන ජාතියක් නෙවෙයි.නොහුක පැත්තකට වෙලා,තොපේ දෙයක් බලාගෙන හිටපියව්,🖕

  15. චේතියසේන says:

    මේ කතා පිලි ගන්න අපහසුයි.

    ඇමරිකාවෙ පටං ගත්තෙ ජනවාරි 15 – අදට ලෙඩ්ඩු 237,000 මරණ 5,700
    ලංකාවෙ පටං ගත්තෙ ජනවාරි 27 – ලෙඩ්ඩු 150 , මරණ 4 යි

    ලංකාව immediate action ගත්ත
    ඇමරිකාව (Trump) පංපෝරි ගගහ බකංනිලං හිටිය!

    https://en.wikipedia.org/wiki/2019–20_coronavirus_pandemic

  16. AJ says:

    To DR. Anil Jasingha
    “The WHO is re-evaluating evidence of the effectiveness of wearing face masks in public amid suggestions they may have helped contain outbreaks in some Asian countries.”

  17. සමන් says:

    ඇමරිකාවෙ පුරොකතන වල තරම ලෝකෙටම පේන වෙලාවක තවමත් උන්ට හිතින් වහල්කන් කරන එක නවත්තගන්න බැහැනෙ මුන්ට. අනික කොපමන කාරනා තියෙද සලකා බලන්න, පාරිසරික සාධක, භූගෝලීය පිහිටීම, ගන්නා ආහාර පාන වල ඖෂදීය ගුණයන්, රටවැසියන්ගේ සාමාන්‍ය සෙෳඛ්‍ය තත්වය ආදී කාරණා. රට වැසියන් හා රජය ලොකු කැපකිරීමක් කරන මොහොතක මෙවන් පදනම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වැලකිලා තමන්ගෙ රාජකාරිය කරන්න. ලංකාවෙ සැබෑ දත්ත පෙන්න්ල ප්‍රකාශ නිකුත් කරන්න සුදුසු කට්ටියක් ඉන්නවනෙ. හැම එකාම එක එකා කියන එවුව සමාජගත කලොත් මිනිසුන් කලබල වෙන්න පුලුවන්. ඕක කියන්න ලැජ්ජ නැද්ද? ඇමරිකන් අපිට මෙහෙමනම්, උඹලට මෙහෙම වෙනව කියන එකනෙ ඔය කියන්නෙ. වහාම GMOA එක ප්‍රකාශ නිකුත් කරන ඒක නවතන්න, තියන ප්‍රකාශයක් රජයේ අදාල කමිටුවට දැනුම් දෙන්න. මුන් මේ හදන්නෙ අනවශ්‍ය විදියට මිනිසුන් බය කරන්න. වැරදුනොත් කියයි අපි කිව්ව දේවල් ඇහුවෙ නෑ කියල, හරිගියොත් කියයි අපි කට කැඩෙනකන් කියල කරගත්තෙ කියල.

    • Alapaluwa says:

      සැමන්, උඹත් ඇමරිකාව ගැන දන්න දේවල්.
      ඇත්තටම උඹ මොකැයි මේ GMOA එකත් සමග මෙච්චර වයිරයෙන්

  18. sujith says:

    it’s kind of idiot comparison by GOMA.you should compare that population, immigration etc.. President Mr GOTA and Army are doing great job. take my word (02 Apr) we can fully finished C19 by end this month .

  19. This association has past records of taking poor innocent tax paying citizens as hostages to win their further personal comforts.Have the people ever witnessed them holding educative,informative ,demonstrative
    seminars as community services to enlighten the people how to escape from this global catastrophy,other than scaring the people from time with the factors to which the people are also knowledgeable.But many selfless associations do community services as best as they can ,at this crucial juncture.

  20. Nadeeka Lekamlage says:

    America did not have the correct testing kits and measures in the beginning. There were cases reported negative due to wrong tests. They did not take any action to control.It is not fair to compare

  21. AsankaWlk says:

    Comparisson is completely inaccurate. First 3 weeks US was only able test 500 people when countries like South Korea tested in a rate of 100k per hour. The test kit CDC send failed immediately and was 3 weeks behind. On top of all of that Americas absence of single payer public health system (like rest of the world does) requires people to buy their own health insurance. Millions of Americans are under insured or have no health insurance at all. Basically they can’t afford to pay for the test, stay in hospital and not go to work so they don’t even test. US had way more untested patients and this comparison is way inaccurate.

  22. Upali Samarajeewa says:

    In America there is no state mediated quarantine or quarantine centers. Public are advised to undergo self quarantine. 99.8% of population do not wear masks, but keep 1 metre distance in public places. I do not think it is correct to compare Sri Lankan numbers against USA numbers

  23. GMOA එක ඉතින් හැමදාම කොහෙන්හරි copy කරගෙන එන ප්‍රස්ථාර , පුරෝකතන අල්ලගෙන මාධ්‍ය සංදර්ශන පෙන්නනව විතරයි. ඒ ඇර මේ ලෙඩේ වලක්වගන්න කරන සත පහක වැඩක් කරන්නෙ නැහැ. කයිවාරු නවත්තලා වැඩ කරපියව් බොරුවට කෑගහන්නෙ නැතිව

  24. Sam says:

    බොහෝ අයට නොතේරුණාට කොරෝනාවෙනුත් තනියම නම ගන්ඩ යන්නෙත් රාජපක්ෂවරු විතරයි. හම්බු කරගන්නෙත් ඒ අයම තමයි. ආණ්ඩුවේ වුණත් හොද දක්ෂ අවංක අයවත් කිට්ටු කරගන්නෙ නෑ. වියත්මගේ හිටිය උගත් දක්ෂ අයත් දැන් කිට්ටු කරගන්නෙ නෑ. ඒ අය ආයෙත් ඕන වෙන්නෙ චන්දෙ කාලයට පමණයි. අසරණ දුප්පත් ත්‍රිවිද හමුදාවත් පොලිසියත් තමයි බයිට් වෙන්නෙ.

  25. One Step Ahead says:

    සොභාව ධර්මය විසින් කරන පාලනයන් කිසිවෙකුට පුරෝකතනය කල නොහැක​.මේවා ප්‍රසිද්ධිය ගන්න ඇතැමුන් කරන ප්‍රකාශ පමණි

  26. Boo says:

    බඩ පිරිලා මලත් මොකෝ නේ?

  27. So called John Hopkins could have predicted how many USA would get. Well, they got it totally wrong..They in there worst nightmare did not predict what is happening in USA right now..
    So..JH and GMOA can keep their counsel to themselves..
    We SriLankans will face this in our own way..

  28. UDN says:

    Don’t compare with American Number in early stage. USA did not test at the same rate s Sri Lanka due to CDC not approving the test, due to unavailability of adequate test kits. So the American number is very low at that time. Huge % were sick but no testing were approved.

  29. UD says:

    වෙන්න පුළුවන්….
    හිතේ තියෙන දේවල් වලට වඩා ප්‍රස්ථාර වලින් පෙන්නන දේවල් හරි….

  30. amarabandu says:

    lankawe danata test karanne saka sahitha ewungenuth sahena mattamaka roga lakshana pennana ewun witharai. ehema welath me gana kiyanne saka sahitha siyalu dena test karanna puluwan kama thibbanam oya kiyana ganan danmama awilla

  31. SAMFON says:

    Mama hithanne GMOA ekka oya ganna pennalla Janathawa Geddarra thiyanna thamayi haddanne, Mekka simple comparrision ekka namuth Lankawe pathireenna ekka addu weyi ekkak adikka ushnathwa kalagunaya haa raja gath daddi thiranna nissa.

  32. අක්බාර් ලොක්කා says:

    ඇමරිකානු කොරෝනා වක්‍රය අපේ රටේ කොරෝනා තත්ත්වය නිර්ණය කිරීමට යොදාගත නොහැකියි. එසේ කිරීමට නම් සෞඛ්‍යය යාන්තණ,රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍යසේවා යාන්තණ කොරෝනා වට මුහුණදීමට පෙර සූදානම් වැඩපිවෙලවල් සංකෘතික ව්‍යුහයන් ගැලපිය යුතුයි . අපේ රටේ මෙම ශ්‍රීතයන්ට අනුව අපේ කොරෝනා වක්‍රය ඇමරිකානු වක්‍රයට වඩා පහලින් ගමන් කරනු ඇත

  33. Aurora says:

    ඇත්තටම GMOA එකේ ඉන්නේ මෝඩයෝද ? , එහෙම නැතිනම් පාඩම් කරලම මොලේ කුරුවල්වෙච්ච පිස්සොද ? බෙහෙත් කොම්පැනිවල කොන්ත්‍රාත් කාරයෝද? මම එහෙම කියන්නේ ඇමෙරිකාවේ පළමු රෝගියා වාර්තා වුනේ ජනවාරි 20, සහ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වුනේ ජනවාරි 26 වෙනිදා. දැන් ශ්‍රී ලංකාව දින 67 ක් පහු කරනකොට ආසාදිතයන් 151, මරණ 4, සනීප 21, දැනට ආසාදිත 121. නමුත් ඇමෙරිකාව 67 ක් පහු කරනකොට ඒ කියන්නේ මාර්තු 27 වෙනිදා ආසාදිතයන් 85,612, මරණ 1,301, සනීප 1,868, මාර්තු 27 දිනට ආසාදිතයන් 82,443. ඉතින් කොහොමද ලංකාවේ තත්වය ඇමෙරිකාවට සමාන කරන්නේ හෝ ඇමෙරිකාවට වඩා නරකයි කියන්නේ. GMOA එකේ මහත්වරුනි, ඔබලාට මාෆියා සංවිධානයක් තියන එක ඇත්ත, නමුත් මේ රටේ මිනිස්සුන්ව ඔහොම රවටන්න බැහැ. ඔබලා බෙහෙත් කොම්පැනිවල කොන්ත්‍රාත් කාරයෝ බවත්, ඒ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක් කරණ බවත් රටම දන්නවා.

    • 77 UNP says:

      GMOA දොස්තරලගේ ගණිතේ හැටියට 151 කියන්නේ 85,612 ට වඩා විශාල සංඛ්‍යාවක්. ඒ වගේම 121 කියන්නෙත් 82,443 ට වඩා විශාල සංඛ්‍යාවක්. ඕක තමයි කියන්නේ “විපරීත කාලේන කජ්ජේන පුහුලං” කියල.

Main News