මුල් මාස පහට ඩෙංගු රෝගීන් 53,000ක්.. මරණ 150ක්.. මාසික ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන අද සිට..

June 1, 2017 at 11:20 am | lanka C news
මුල් මාස පහට ඩෙංගු රෝගීන් 53,000ක්.. මරණ 150ක්.. මාසික ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන අද සිට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට නියමිත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (01) ආරම්භ කෙරේ.

ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළීවෙල ක්‍රියාවට නංවයි.

2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 53,000 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 150 කි. තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන තුල දී සෑම සතියකම සිකුරාදා දිනයන් හී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පැයක කාලයක් සිය පරිශ්‍ර පවිත්‍ර කළ යුතුය. පාසල් පද්ධතිය පවිත්‍ර කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් විසින් සිදු කළ යුතු වෙයි. නිවාස පරිශ්‍ර සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය.

හදිසි ආපදාවට ලක් නොවූ දිස්ත්‍රික්ක 07 ක මෙම ඩෙංගු මර්දන ජාතික වැඩසටහන පළමුව ආරම්භ කෙරේ. ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය යළි වැඩි විය හැකි බැවින් එය මර්දනය කිරීමෙි වැඩපිළිවෙළක් ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

81 views

One Comment to “මුල් මාස පහට ඩෙංගු රෝගීන් 53,000ක්.. මරණ 150ක්.. මාසික ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන අද සිට..”

  1. ExUNPer says:

    මෙච්චර කල් කලේ රාජපක්ෂ මර්ධනය…
    මෙච්චර කල් කලේ රණවිරු මර්ධනය…
    මෙච්චර කල් කලේ සංඝයා මර්ධනය…
    …හා හා..
    දැන්ද මතක් වුනේ ඩෙංගු මර්ධනය ?

Main News