මුල් මාස හයේ ආර්ථික වර්ධනය වේගය 3.9% තෙක් කඩා වැටේ…
September 26, 2016 at 6:48 pm | lanka C news
මේ වසරේ (2016) පළමු මාස හයේ ආර්ථික වර්ධනය සියයට 3.9 ක් දක්වා පහත වැටී ඇත.
මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 5.2 ක් වුවත් දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 2.6 ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා මෙසේ මේ වසරේ මුල් භාගයේ ආර්ථික වර්ධනය සියයට 3.9 ක් දක්වා පහත වැටී තිබේ.
මේ තත්ත්වය තුළ මේ වසරේ (2016) දී සියයට 5.5 ක ආර්ථික වර්ධන ඉලක්කයට ගමන් කිරීම දුෂ්කර වනු ඇතැයිද බොහෝ දුරට සියයට 5 ක පමණ ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයිද මහ බැංකුවේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.
– Divaina