මුලින්ම එල්ලා මරන්නේ කවුද.. කවදාද.. කීයටද.. තීරණය කරන්න කමිටුවක්.. ජනපතිගේ අත්සන සූදානම්…

July 21, 2018 at 3:50 pm | lanka C news
මුලින්ම එල්ලා මරන්නේ කවුද.. කවදාද.. කීයටද.. තීරණය කරන්න කමිටුවක්.. ජනපතිගේ අත්සන සූදානම්…

මුලින්ම එල්ලා මරන්නේ කවුදැයි තීරණය කිරීම සදහා තමන් විසින් කමිටුවක් කැදවා ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු අදාල සියළු ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රධානීන් එන අගහරුවාදා දිනයේ කැදවා ඇති බවත් ඔවුන්ගෙන් කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

මරණ දඬවම ලබා දෙන්නේ කාටද, ඊට දින වකවානු ආදිය එම කමිටුවෙන් තීරණය කරනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේ පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමිනි.

31 views
Main News