මුලින්ම එල්ලා මරන පස් දෙනාට ජනාධිපති සමග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්..? ජනපති සමග සෙල්ෆි ගහන්නත් අවස්ථාව..?

July 23, 2018 at 11:20 am | lanka C news
මුලින්ම එල්ලා මරන පස් දෙනාට ජනාධිපති සමග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්..? ජනපති සමග සෙල්ෆි ගහන්නත් අවස්ථාව..?

එල්ලා මැරීමේ දඬුවම මුලින්ම හිමිවන පස්දෙනාට රටේ ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට අවස්ථාවක් ලබා දීම සදහා යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව සති අන්ත ‘සැබෑ’ පැවත්පත වාර්තා කරයි.

එම පුවත්පතේ ‘බොක්කෙ පිටුව’ හි සදහන්ව ඇති වාර්තාව මෙසේය.

අපරාධ අඩු කිරීමේ මගක් මරණ දඬුවම වලි ක‍්‍රියාත්මක කිරීම ජනප්‍රිය කිරීම සඳහා යෝජනා ගණනාවක් රණවක ඉදිරිපත්ව තිබේ.

ඒ අතරින් ප්‍රධාන යෝජනාවක් වන්නේ එල්ලා මැරීමේ දඬුවම මුලින්ම හිමිවන පස්දෙනාට රටේ ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට අවස්ථාවක් ලබා දීමයි.

එල්ලා මැරීමට ගොදුරැ වන අයගේ පවුලේ සාමාජිකයන්ට ද මේ සඳහා සහභාගි වීමට අවස්ථාවක් සලසා දෙනු ඇත.

ජනාධිපති මන්දිරයේ දී ලබාදීමට නියමිත මෙම ආහාර වේල සඳහා විශේෂයෙන් සකස් කළ සුදු ආප්ප ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

භෝජන සංග්‍රහය අතරතුර සියලු දෙනාට ජනාධිපතිවරයා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ අවස්ථාවද හිමිවේ.

එල්ලා මැරීමේ දඬුවම ලැබීමට නියමිත දිනට පෙර දිනයේ මොවුනට මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ලබාදීමට නියමිතය.

භෝජන සංග්‍රහය අවසානයේ ජනාධිපතිතුමා රටේ අනාගත තත්වය පැහැදිලි කරන දේශනයක් පවත්වනු ඇත.

– සැබෑ

171 views

24 Comments to “මුලින්ම එල්ලා මරන පස් දෙනාට ජනාධිපති සමග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්..? ජනපති සමග සෙල්ෆි ගහන්නත් අවස්ථාව..?”

  1. peedithaya says:

    yako janapathi kiyanne deviyek nowe thawa wasar deka thunakin iwarai.
    ekekwath enna epa bojanayata MOKADA ME WAGE MODA YOJANA KALE
    HARAKEK

  2. පොනී පොනී says:

    මට බය එන එකෙක් එක්ක ලොක්ක මාරුවක් දාගෙන එල්ලුම් ගහ විවෘත කරන්න පනී ද කියලා .

  3. john the baptice says:

    ආප්ප කාලා ඇවිත් රටට කරන විනාශය දැක්කම ඕකත් මොකක්ද?

  4. suja says:

    Ane Apoi Eta nam wadiya hodai Ellila marena eka

  5. විසල්නුවර තුන්බිය says:

    62,00,000 ක ජනතාවගේ සිත් පිනවීම උදෙසා ය.

  6. Pedro says:

    DO NOT TRY TO PREDICT FOOLISH THINGS.

  7. Sam says:

    Everyone including MP Welgama said that no Rajapaksha’s can go to the President house in future. So that is not true now. Mahinda, Gotabaya and Basil will get a chance to go to the President house.

  8. Benito Mussoleeni says:

    Thawa podi yojanawak karanta mama kemathiy. Me pasdena pirimi nam hondawain badu 05 k da supply kaloth wadath aakarshaneeyaya.

  9. kamal says:

    ඇත්තටම කිවොත් අපේ රටේ මෝඩයෝ නැත.නමුත් මනුෂ්‍ය කමනොදත් අත්මර්ථකාමිත්වයෙන් පිරිපුන් 62ක් වන පුන්නක්කු කන අමන තකතීරු හරක් පට්ටියක් නම් ඇත. එයයි මේ වෙනසට එහේතුව.අනෙක ගමරාළ කෙනේකු සමග කන බෝජන සංග්‍රය ගැන තව කවර කථාද? අනෙක මෙය ගමගේ තවත් උප්පර වැට්ටියක් මිස සත්‍යක් නම් නොවේ.

Main News