මුවන්පැලැස්ස ‘මැණිකේ’ අභාවප්‍රාප්ත වෙයි…

April 7, 2018 at 5:30 pm | lanka C news
මුවන්පැලැස්ස ‘මැණිකේ’ අභාවප්‍රාප්ත වෙයි…

සමස්ත ගුවන්විදුලි මෙන්ම සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වූ රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත විය.

කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය.

මුවන් පැලැස්සේ ‘කදිරා’ ලෙස හඞකැවූ වික්ටර් මිගල් මහතාගේ නැගණියද වූ ඇයගේ මුල් නම ජෝර්ජ් රත්නාවලී කුමාරසිරි මිගල් නම් වූ අතර, විවාහයෙන් පසු රත්නාවලී කැකුණවෙල විය.

1931 ජනවාර් 20 වන දින උපත ලැබූ රත්නාවලී ගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍යය වූයේ ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවක් ඇසුරෙන් 1951.දෙසැම්බර් 21 වන දින පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයකි.

පසුව ගුවන් විදුලියේ මාලා නාටකයන් වූ මහ රෑ හමුවූ ස්ත්‍රිය ගුවන්විදුලි නාට්‍යයට 1952 දී සම්බන්ධ වූ ඇය 1953 දී කුරුළු බැද්ද ගුවන්විදුලි නාට්‍යයට සම්බන්ධ විය.

ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍යය වූ මුවන් පැලැස්ස ට ඇය සම්බන්ධ වන්නේ 1964 දී වන අතර රෝගී තත්වය නිසා මුවන් පැලැස්සෙන් සමුගන්නා විට ඇය වසර 50 ක් එහි එතනාහාමි හා මැණිකේ යන චරිත වෙනුවෙන් හඞ කවා තිබුනි.

‘අනේ මස්සිනේ’ , ‘උතුරේ රාහුල’ , ‘බොරැල්ලේ ගෙදර’ , ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ රත්නාවලී කැකුණවෙල, සත් සමුදුර, මුවන් පැලැස්ස 1 , මුවන්පැලැස්ස 2, මුවන් පැලැස්ස 3, මරුවා සමග වාසේ, බට්ටි ඇතුළු සිනමා පට 40 කට පමණ රංගන දායකත්වය ලබා දී ඇත.

ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත රගපෑ ඇය අවසන් වරට රංගනවෙන් දායක වූයේ මුවන්පැලැස්ස කතාව තේමා කර ගත් ‘කෝරළේ මහත්තයා’ ටෙලි වෘතාන්තයට ය.

දේහය 8 ඉරිදා උදෑසන සිට 25/1 සී, වෙඩිකන්ද පාර, රත්මලාන නිවසේ තැන්පත් කර තබන අතර , අවමගුල් කටයුතු 9 සදුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

– ශ්‍රී නිමල් පද්මකුමාර

253 views

9 Comments to “මුවන්පැලැස්ස ‘මැණිකේ’ අභාවප්‍රාප්ත වෙයි…”

  1. Asoka Hewavithana says:

    Very sad news

  2. Nimal R says:

    How sad. May she attain nibbana!

  3. Sam says:

    නිවන් සුව පතමු!

  4. Upali says:

    ඉතාමත් දුකයි. වියෝව බුදු දහමෙන් පවා දුක සදන ස්වබාවික දායාදයක් ලෙස පෙන්වනවා. දුකයි තමයි. අපේ ලමා කාලයේ පටන් අපි මුවන් පැලෙස්සේ මැනිකේට ආදරය කලා. ඒ වැඩි ආදරයම අපටම මෙතන වැඩි දුකක් වුනා. ඔබතුමියට නිවන් සුව පතමි.

  5. Power says:

    සැබෑම කළාකරුවෝ..ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි !

  6. PoorCitizen says:

    Deepest sympathies.

  7. Jayasinghe says:

    It’s a very sad news. My deepest sympathy. May attain Nibbana .

  8. ravi says:

    නිවන් සුව පතමු!

  9. රසිකයෙක් says:

    මැණිකේ ඔබට අජරාමර නිවන් සුව.

Main News