මුව ආවරණ නැතොත් 10,000ක් දඩ හා හය මාසයක් හිරේ.. නව ගැසට්ටුවට ඇමතිනි අත්සන් තබයි..

October 15, 2020 at 5:30 pm | lanka C news
මුව ආවරණ නැතොත් 10,000ක් දඩ හා හය මාසයක් හිරේ.. නව ගැසට්ටුවට ඇමතිනි අත්සන් තබයි..

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුව ආවරණ පැළඳීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය තුමිය අද දින අත්සන් තබනු ලැබීය.

මෙම නව ගැසට් පත්‍ර නිකුත් කිරීමත් සමග නීති කඩන පුද්ගලයන්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත් මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළුවීම හා පවත්වාගෙන යාම පිළිබඳව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇති අතර,

  • සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.
  • දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.
  • සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.
  • විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.
  • ඇතුල්වන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම
  • සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා නිරෝධායන කටයුතු ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණුවලට අදාළ නව නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත‍්‍රය මගින් මගින් කටයුතු යොදා.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්

28,213 views

7 Comments to “මුව ආවරණ නැතොත් 10,000ක් දඩ හා හය මාසයක් හිරේ.. නව ගැසට්ටුවට ඇමතිනි අත්සන් තබයි..”

  1. George says:

    What about the standards of the face mask ? Many people wear just cloth masks !

  2. S.Vitharana says:

    අශ්වයා ගියාට පස්සේ ඉස්ඵාලය වසා දැමීම.

  3. PHI says:

    PHI ල කාලෙක ඉඳල ඉල්ලුවෙ ඕක නේද ? කෙලවෙලාම ගියාට පස්සෙද තේරුනෙ ?

  4. "උම්මා දේවි" 😷 says:

    පොලිස් බලකා හයක් දාලවත් තාම හොයාගන්න බැරිව ඉන්න රිෂාඩ් බදුර්දීන් ගැන මුඛ ආවරණ ඉවත් කරලා පෙන්නුවොත් අපි “කොරෝනා ” පොකුරක් දීලා පිලිගන්නවා..!

  5. dr says:

    අවස්තාවාදයේ ග්‍රහණයට මේ රට යටවුයේ අද ඊයේ නොවේ. අවස්ථාවාදයේ රුචි අරුචිකම් අනුව පමණක් අරාබි මල් පිපෙන්නේ ?

  6. bua says:

    good.

    i remember thondamans wedding.

  7. baiya says:

    PHI mahaththuru kaalayak illuwe mae dae. giyasare chande nisa dunne naa. mokada chanda rasweem karanda ona nisa. PHI la anduwa peralanda hadanawa kiuwa. dan saneepada danne naa.

Main News