මුසම්මිල් ඉස්ලාම් ආගම අතහැරලාද.. හෘද සාක්‍ෂියට ඉඩ දුන්නා නම් මරාගෙන මැරුනු බෝම්බ කරුවන්ගේ පියා පාර්ලිමේන්තුවේ..

July 8, 2019 at 4:40 pm | lanka C news
මුසම්මිල් ඉස්ලාම් ආගම අතහැරලාද.. හෘද සාක්‍ෂියට ඉඩ දුන්නා නම් මරාගෙන මැරුනු බෝම්බ කරුවන්ගේ පියා පාර්ලිමේන්තුවේ..

තමන් විසින් ඉස්ලාම් ආගම වෙනස් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විසින් සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

හිස ඔසවන වහාබ් අන්තවාදය සම්බන්ධයෙන් තමන් මතු කරන අදහස සාමාන්‍ය මුස්ලිම් ජනතාව විසින් පිළිගනිමින් ඇති නිසා එය යටපත් කිරීමට අන්තවාදීන්ගේ උවමනාව මත මෙම කටයුත්ත සිදුකරමින් ඇති බවද ඒ මහතා කියයි.

අන්තවාදී ඊබ‍්‍රාහීම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට එක් කර ගත් එම පක්‍ෂය විසින් තමන් ඉස්ලාම් ආගමිකයෙක් වුණ බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ යැයි ද ඔහු කියා සිටී.

පසුගිය මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ කියූ පරිදි හෘදසාක්ෂියට ඉඩ දුන්නේ නම් අද මරාගෙන මැරෙන තස්තවාදීන් දෙදෙනෙකුගෙ පියා පාර්ලිමේන්තු නියෝජනය කරන තත්ත්වයක් වනු ඇති බවද ඔහු සිහිපත් කලේය.

35,974 Viewers

10 Comments to “මුසම්මිල් ඉස්ලාම් ආගම අතහැරලාද.. හෘද සාක්‍ෂියට ඉඩ දුන්නා නම් මරාගෙන මැරුනු බෝම්බ කරුවන්ගේ පියා පාර්ලිමේන්තුවේ..”

  1. රටට හිතවත් says:

    ඔබ නියම මනුෂ්‍යයෙක්, උතුම් ශ්‍රී ලාංකිකයෙක්! ජීවිතය පරදුවට තබා ඔබතුමා කරන එඩිතර ප්‍රකාශ, නිර්ව්‍යාජ ක්‍රියාකලාපය දිහා බැලුවම සිංහලයෝ විදිහට අපි, අපිගැනම ලජ්ජා වියයුතුයි!! ඔබ රටට සම්පතක්! ආතක්, පාතක් නැතිව අනාතවෙලා ඉන්න ජෙප්පෝ කියන කතා වල කිසිම හරයක් නෑ, ඒවා හරියට අර “යන යකා කොරහත් බිඳගෙන, ගහේ අතුත් කඩාගෙන යනවා” වගේ බූරු කතා!!

    • දේවක says:

      මෙයා බුද්දාගමට හැරිලා ඉන්නෙ.

    • නිහාල් says:

      අනිවාර්යෙන්ම ඔබ නියම ස්රිලාංකිකයෙක් වහාබිවාදයට විරුද්දවිම ඔබේ ආගමට විරුද්දවිම නොවේ .ජනතා විමුක්ති පෙරමුණ තමුන්ට අරමුදල් සපයන අරාබි රටවල අපේක්ෂාවන් ඉතාම හොඳින් ඉටුකරමිනි සිටි ඔවුන්ට වහාබි වාදීන් ගැන කරන විවේචන පෙන්නන්නට බැරිය ඔවුන්ට අනුව වහාබිවාදය අහිංසක දෙයකි .ජනතාවෛමුක්ති පෙරමුණ අන්තිමේ සේවය කරන්නේ මේ රට ගිලගන්න බලාසිටින ඇමෙරිකානු සවුදි අරාබියානු හවුල වෙත බව දැන් ඉතාම පැහැදිලියි .
      මුසම්මිල් මහතාණෙනි ඔබ නියම සුජාත ශ්‍රීලාංකික පුත්රයකි

  2. මූ තම්බියෙක් නම් කොහොමද, සිංහල ගෑනියෙක්ව කසාද බැඳල ඉන්නෙ

    • RAW Agent says:

      රස්පුටින් කියලා නම තියෙන හරකෙක් දැක්කමයි

    • john the baptice says:

      මෝහමෙඩ් ගේ බිරිද කතිජා කතෝලිකයෙක් ඇගේ පියා බිෂොප් කෙනෙක් දැන්වත් දැනගනින්

    • කුමාර says:

      මෙන්න බලන්න මහතුනි ජවිපෙ හා වහාබි අන්තවාදීන්ගේ අදහස් .
      අන්තවාදී වහාබින්ගේ නීතියට අනුව මුස්ලිම් අයෙකුට අන් ආගමක කෙනෙක් හා විවාහවීම මරණය හා සමාන දෙයකි .අපේ සින්හලකාන්තාවන් හා පුරුෂයන් විවිද ජාතින් හා ආගමිකයන් හා නිරතුරුවම විවාහ වේ අපි කිසිවිටෙක ඒ ගැන කතා කරන්නේ නැත අපේ අදහස නම් යුවලට කැමතිනම් අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැති බවයි ,නමුත් වහාබි නම් එවැනි අවස්ථාවක අන්‍ය ආගමිකයා මරාදමන්නට කටයුතු කරයි .පසුගිය කාලයේ දිගින් දිගටම මෙවැනි ගාතන යුරෝපයෙන් වාර්තාවිය මේ වහාබියා/ජවිපෙ කාරයා ප්‍රකාශ කරන්නේ අන්න ඒ ගල්යුගයේ පණිවිඩයයි “ඔබට ඔබ කැමති කෙනෙක් හා විවාහ වීමට වහාබි ආගමේ හැකියාවක් නැත . අප මෙවැනි ගල් යුගයේ මෝඩයන්ට ඉඩදිය යුතුද ?
      ගල්යුගයේ සංස්කෘතියක් හා බැඳුනු ජවිපෙ නෂ්ටාවශේෂ වලට ඉඩ දියයුතුද ?

    • semana says:

      හරි අදහසක් දරනව නම් ගරැ කරන්න පුරුදු වෙනවා ……. අපහස නොකර…… පිස්සො වගේ හැසිරෙන්නෙ නැතිව….

  3. ගොන් වහබ් රස්පුටීනයො තොපෙ අම්මත් සිංහල බෞද්ධ ගෑනියෙක් කියල තෝ දන්නෙ නැද්ද. අනෙක තමයි පසුගිය දවසක මම දැක්කා මුස්ලිම් ගැහැනියෙක්ව කසාද බැඳපු සිංහල බෞද්ධ පිරිමියෙක් ගැන. ඉතින් මුසම්මිල් සිංහල ගැහැනු කෙනෙක් බැන්දම මොකද වෙන්නේ?

  4. Mu Kawda says:

    මූ කොයි ඡාතීයේ උනත්, සල්ලිවලට යටත් ඌරෙක්

Main News