මුස්ලිම්වරුන්ගේ ඉවසීම පැන්නොත් රටම ඉවරයි..- මුස්ලිම් මන්ත්රී අනතුරු අගවයි..
May 24, 2017 at 4:40 pm | lanka C news
මුස්ලිම් ජාතිකයන්ගේ ඉවසීමේ සීමාව පැන්නොත් ශ්රී ලංකාවට දරුණු ප්රතිඵලවලට මුහුණ දීමට වනු ඇති බවට ෂිබ්ලි ෆාරූක් නැගෙනහිර පළාත් සභා මන්ත්රීවරයා එම පළාත් සභාවේ රැස්වීමේදී අනතුරු ඇගවීය.
අද සිදුවන ඇතැම් ජාතීවාදී ක්රියාකාරකම් තවත් ලේ වැගීරීමකට මග පාදනු ඇතැයිද කී ඔහු සිංහලයන්ද බහුතරයක් ජාතීවාදය අනුමත නොකරන බවද පැවසීය.
ජාතීවාදී බලවේගයනට හිස එසවීමට ඉඩ නොදීම රජයේ වගකීම බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.