මුස්ලිම් කොංග්‍රසය රනිල් අතහරී.. සජිත්ට හෝ පොහොට්ටුවට සහාය දෙන්න සූදානම්..
August 5, 2019 at 6:26 am | lanka C news
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය අවධානය යොමුකර තිබේ.
ඉදිරි ජනපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේ නම් සිය උපරිම සහාය ලබාදීමටද මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙන බව එම කොංග්‍රසයේ දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත නොහැකි තත්වයකට පත්වීමත් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවන්ට යුක්තිය ඉටු නොවීමත් දේශපාලන ස්ථාවරයේ පවතින ගැටළුකාරී තත්වයත් මත ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් බහුතරයක් දෙනෙකු අතරේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින බව එම කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළහ.
මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කරමින් මෙම ස්ථාවරයට පැමිණි බවත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වශයෙන්ශ්රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකම ස්ථාවරය සජිත් ප්‍රේමදාස පමණක් බවත් එම ප්‍රකාශකයා කීය.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොපිළිගන්නා නායකයෙකුට ලබා දෙන්නේ නම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ විපක්ෂ බලවේග හා සාකච්ඡා කිරීම කෙරෙහිද දැඩි අවධානයක් යොමුව ඇතැයිද පැවසීය.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ අතරේ ඇතිකරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබදවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.
– lankadeepa
රවුෆ් හකීම්, අසාද් සාලි, රිෂාඩ් බදුර්දීන්, වැනි මුස්ලිම් අන්තවාදීන් පෝෂණය කරන රනිල් වාදීන් පොදුජන පෙරමුණට සම්බන්ධ කරගැනීම යනු සියදිවි හානිකරගැනීමකි.
එම අවස්ථාදී දුෂ්ඨයන් අතීතයේදී අපේ රටට මෙන්ම විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයටත්, එරෙහිව දියත්කරන ලද ජාතික සහ ජාත්‍යන්තරවත් ද්‍රෝහී ක්‍රියාවන් අප අමතක කළයුතු නොවේ. එසේම මෑතක ක්‍රියාත්මක කරන ලද දේශද්‍රෝහී කුමන්ත්‍රණ ද මැනවින් සිහියේ තබා නොගන්නේ නම් රෑ වැටුන වලේ දවල් වැටී මුලු රටත් ජනතාවත් අගාධයට වැටෙනු නියතය.
It’s a very good move Mr Hakeem u need to move on not be stuck with a dictator. Sajith is a better bet u will be safer.