මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ…

January 5, 2021 at 3:00 pm | lanka C news
මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ…

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනයෙන් මිය යන අයගේ මෘත දේහ භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇති බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු ලෙස තමන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මතය පිහිටන බව ද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ද හිමි විය යුතු යැයි ද ඔහු පවසයි.

සුළු ජාතිකයන්ගේ හැඟීම් වලට හානි කරමින් රට දියුණු කළ නොහැකි බවද එහිදී සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය රටේ සෑම ජන කොට්ඨාසයක් අතර ම සමානව බෙදී යාම සුරක්ෂිත කළ යුතු බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

20,682 views

38 Comments to “මුස්ලිම් කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දිය යුතුයි.. සුළු ජාතිකයන්ගේ හැගීම්වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ…”

  1. MD says:

    යමපාලනයේ ලොක්කා ඵදා විරුද්ධ පක්ෂයට ආරක්ෂාව ගැන මතක් කරන්නවත් ඉඩ දුන්නේ නැහැ. ආපහු යුද්ධයක් ඵනවා කියලා විරුද්ධ පක්ෂය බොරු බිල්ලෝ මවනවා කිව්වා.අන්තිමට දන්නේම නැහැ බෝම්බ වැලට ගහනකන්.සුලු පක්ෂ රැක ගන්න ඵයාලට බෝම්බ ගහන්න ඉඩ දුන්නේ මෙයා නේද කියලා දැන් තමයි හිතෙන්නේ.

  2. Moo ge eka kapal saudi arbiyata export kranna thiyenne gona ta mona dannemakda modaya

  3. B. Anthony says:

    වරෙන් දෙන්නම් චන්දෙතොපිට. යකෝ එතකොට අපේ මිනී පුච්චලා . මුස්ලිම් මිනී වළලලා. ඒ මාර්ගෙන් අපි කොරොනා බෝ වෙලා මලාට කමක් නැහැ නේ. වරෙන් තොපිට හම්බ වෙයි සිංහල චන්ද, බලාගෙන හිටු හිටං

  4. Boo says:

    සුලු ජාතීන්ගේ හැගීම් වලට ඉඩ නොදී ඉදිරියට යන්න බෑ. ඒත් මහ ජාතියේ හැගීම් නොසලකා ඉදිරියට යන්න පුලුවන්.

    අට පාස් ගොං බාස්.

  5. mali says:

    he is worshipper of western world.That is why he and his wife kneeled down in front of the British Queen.he is willing to sell sinhala buddhism to the west as he has no education to value our heritage.

Main News