මුස්ලිම් ගමක් එක්වී තවුහිද් ජමාත් පල්ලියක් කුඩුපට්ටම් කරයි.. ගලවා විසි කරයි..

May 29, 2019 at 10:25 pm | lanka C news
මුස්ලිම් ගමක් එක්වී තවුහිද් ජමාත් පල්ලියක් කුඩුපට්ටම් කරයි.. ගලවා විසි කරයි..

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ.

එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කළ බව ය.

ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්ත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

පසුව මෙම මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.

මෙම පල්ලිය ඉදිකිරීම සඳහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂර වලින් මුදල් වියදම් කළ අයගේ නාම ලේඛනය ඵලකය සටහන් කොට තිබෙන බවද ඔවුන් ඒ අක්ෂර නොදන්නා බව සඳහන් කළේය.

එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ් අමීන් මහතා කියා සිටියේ මේ කඩා දමන පල්ලියට නමක් නොතිබූ බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවද තවුහිද් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බව සඳහන් කළේය. දැන් ඉවත්කොට වෙනත් පල්ලියක් නොව ප්‍රධාන පල්ලියට පැමිණ ඕනෑම අයකුට වැදීමට හැකි බව ඔහු සඳහන් කළේය.

මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට මෙම තත්ත්වය නිසා සමාජයේ දැඩි හානි දායක තත්ත්වයකට පත්ව තිබෙන බවය.

ඒ නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තමන් හා ජනතාව තීරණය කළ බවද ඔවුහු පැවසුහ.

දඹුල්ල – කාංචන කුමාර
– ADA

45 views

12 Comments to “මුස්ලිම් ගමක් එක්වී තවුහිද් ජමාත් පල්ලියක් කුඩුපට්ටම් කරයි.. ගලවා විසි කරයි..”

  1. SuMa says:

    දුවලා… දුවලා… හති වැටී ඇත්තේ ඔබලාටම ය. අප ඔබ දෙස බලා සිටියෙමු. බලා සිටින්නෙමු.

    • විස්කි මැඩම් says:

      මහත්මා ගාන්ධි අනුව යමින් සිංහල ජනතාව කරගෙන යන සාමකාමී වර්ජනය නිසා මුස්ලිම් සමාජය වෙත පීඩනයක් එල්ල වෙලා තිබෙනවා.
      එමගින් ඔවුන් විසින්ම ඔවුන්ගේ සමාජය ප්‍රතිසංස්කරණය කරණ තැනට පත් වෙලා.

      • Amda says:

        ඇත්ත.
        ව්‍යාපාර වර්ජනය තව දුරටත් කරගෙන යමු.
        සන්හිඳියා කාරයෝ එක්ක වාදෙට යන්න එපා…. උන් ඒ හෝටල් වලින් කාලා මැරිත්දෙන්,… ඒ දොස්තරලා ගාවට ගිහින් වඳ උනාවේ…. ඒවගේ පොන්සි පරපුරක් නාමිකව සින්හල උනත් කරන්න දෙයක් නෑ මකබෑවිලාගියදෙන්.
        මේ වගේ ඔවුන් විසින්ම ශ්‍රී ලාන්කික ප්‍රතිසන්ස්කරනය වූ පසු මුස්ලිම්වරු සමඟ සහෝදරත්වයෙන් ඉමු.
        අන්තවාදීන් ප්‍රතික්ශේප කරමු.

    • kate says:

      Sure!

  2. පොත් නැට්ට නැති තොප්පිය වැටුන පැත්තට හොයියා වගේ වැඩක්???

  3. john says:

    No matter what they say… No matter what they do…. We sri lankans should continue avoiding going to islam labeled shops, buying islam labelled products (halal) and insist on Sri Lankan Tradition and Law of dressing, marriage and culture.

  4. ගොඩ නැගිලි කඩා මේ ත්‍රස්තවාදය නවතාලිය නොහැක ඔබ කලයුත්තේ මතවාදය පරාද කිරීමයි

  5. චේතියසේන says:

    දැන් මේක NGO කාරයො අල්ලගෙන අර කෝකටත් තයිලෙ සිංහල බවුද්දයා පිටාන් අරින්න බලනවා ෂුවර් !

  6. one shot says:

    ව්‍යසනයට කලින් ඔය දේවල් කරන්න උඹලාට කොන්දක් තිබුනේ නැතිද​?ඔය කුළු ගෙඩිවලින් ගහ ගනිල්ලා උඹලාගේම ඔළු ගෙඩිවලට.

  7. Kammale Marikkar says:

    පල්ලියට එරෙහිව පල්ලිය ! හැබැයි අපේ සින්හලයො යන්ට නරකයි මේවට සහභාගිවෙන්ට. උන් උන් කාකොටාගත්තාවේ.

  8. Sampath says:

    Mulu Ratema Muslim aya ekathuwela hama anthwade palliyakma kadala bidala danna one.Oba Rata me adarsaya denna.

  9. Roshan says:

    Apita barida siyalu Sinhala welanda sanvidaana haraha Sinhala kada andunaageneemata puwaruwak bavitha karanna. Yam laanchanak yoda eya registar kara kisiwekuta bavithakala noheki lesa sama town ekakama sinhala kadawala puwaruwa samaga yediya yuthui.

Main News