මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුවයි..

July 30, 2020 at 5:30 pm | lanka C news
මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුවයි..

මෙවර මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන  පොහොට්ටුව වටා එකතු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි

අද (30) පෙරවරුවේ මහනුවර දවුලගල ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ විවිධ මතිමතාන්තර හේතුවෙන් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව දුරස් බවක්  දැක්වුවද මෙවර මැතිවරණයේ දී ඔවුන් නිවැරදි තීන්දුවකට එනු ඇති බවයි.

මුස්ලිම් ජනතාව වෙනුවෙන් වැඩිම සේවයක් කළ ආණ්ඩුව වන්නේ තමන්ගේ ආණ්ඩුව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එක් අවස්ථාවකදී තම රජයක මුස්ලිම් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වූ බව   සඳහන් කළේය.

තම රජය කිසිදු අවස්ථාවක ජාති ආගම් භේදයක් මුල් කරගෙන කටයුතු නොකළ බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා අප අදහන බුදු දහමට අනුව ද එවැනි දෙයක් සිදුකළ නොහැකි බව පෙන්වා දුන්නේය.

එදා එල්. ටී. ටී. ඊ  සංවිධානය විසින් කාත්තන්කුඩියේ එකසිය ගණනක් වෙඩි තබා මරා දමා තිබූ අවස්ථාවක මුස්ලිම් ජනතාවට කුඹුරට යන්න, පල්ලියට යන්න හමුදාව යොදවා ආරක්ෂාව සැලසූ  වූ බවත් ගම්මාන වල ජීවත් වීමට නොහැකිව සේරුවාවිලට පැමිණි මුස්ලිම් ජනතාව ආරක්ෂා සහිතව නැවත ගම්මානවල පදිංචි කරවීමට තමන් පියවර ගත් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

තම රජය සෑම විටම සියලු ජාතීන්ට වැඩක් කළ ආණ්ඩුවක් බව දැනටමත්  ඔප්පු කොට ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. එස්. එම් සාෆි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකොට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දවුලගල හමුවට සහභාගි වීමට පෙර උඩුනුවර, ගඟපළාත, හන්දෙස්ස, කඹුරාදෙනිය, ටිකිරි බෝගහගොඩ ශ්‍රී සංඝරාජ පිරිවෙන විහාරස්ථානයේ රැස්වීමකට සහභාගී වූ අතර එහිදී මහා සංඝරත්නය විසින් අග්‍රමාත්‍යවරයාට  ආශිර්වාද පතා සෙත්පිරිත් සජ්ඣායනය කරනු ලැබීය.

– සිසිර මුණසිංහ

13,208 Viewers

17 Comments to “මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුවයි..”

  1. Zahid says:

    💯✅✅✅ අපේ සමාජය තාම මෙය තේරුම් ගන්නේ නැහැ

    • Mtmmanvar says:

      Terumganna Muslim janathawa ta Mahinda karapu eka sewayak kiyana wada? Muslim minisunge mini Tika puchchapu ekada Muslims Lata karapu sewayak?

    • John says:

      අද රටේ සියලුම ජනතාව එක හඩින් කියන දෙයක් තමා ලක් ඉතිහාසයේ මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ අපේ අගමැතිතුමා කියල. අදටත් එතුමා ඒ ආකාරයෙන්ම සේවය කරමින් සිටිනවා. කිසිම ආකාරයකින් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටවත් එතුමා ඉඩ දෙන්නේ. නෑ. මූදු මහාවිහාරයේ, කූරාගල වගේ පුරාවිද්‍ය ස්තානවල පදිංචි මුස්ලිම් ජනතාව ඉවත්කිරීමට ජනාධිපති තුමත් ආරක්ශක ලේඛම් තුමත් කටයුතු කරද්දි අපේ අගමැතිතුමා තම ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මුස්ලිම් ජනතාවා ආරක්ශා කලේ .එසේ නොවුනානම් අද අක්කර 72ක් පුරා විද්‍යවේ .පුරා විද්‍යවට ඉඩම් කන්ඩද. විල්පත්තුව කැපුව, සහරාන්ලට සහයෝගය දුන්න කියල අහිංශක රිශාඩ් හිරබාරයට නොගෙන සිටින්නේ අපේ අගමැති නිසා මේවට ජෙප්පොනම් කියන්නේ මේ වෙනුවෙන් මැද පෙරදිග රටවලින් එතුමගේ විදේශ ගිනුම් වලට ඩොලර් පොම්ප කරනවා කියල .බෝධිසත්ව ගතිගුන තියෙන අපේ මහින්ද මහත්තය ඒවගේ දේවල් කරන්නේ නෑ .

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        මුස්ලිම් ජනතාවට කොච්චර සේවයක් කලත් වැඩක් නෑ. මුස්ලිම් සමාජයම චන්දය දෙන්නේ අන්තවාදීන්ට.
        අන්තවාදීන්ට අවශ්‍ය විදිහට වැඩ කළා නම් මුස්ලිම් මිනිස්සු මහින්දට චන්දෙ දෙයි.

        UNP -JVP යහපාලනය මුස්ලිම් චන්ද ගන්න ඕනෙ නිසා අන්තවාදීන්ට අවශ්‍ය විදිහට වැඩ කළා.
        මාවනැල්ලේ පිළිම කඩපු සහරාන්ගේ ගෝලයා සුද්ද කලේ ලපයා.
        “අහිංසක මනුස්සයෙක්, මානසික රෝගියෙක්” කියල ලපයා ඒ දවස් වල කිවුවා. සහරාන්ගේ කල්ලිය බෝම්බ ගහන්න සෙට් වෙලා ඉන්නේ කියල දන දැනත් උන්ව ඇල්ලුවේ නෑ. අපිට බෝම්බ කන්න ඇරලා උන් ගෙවල් අස්සට වෙලා හිටියා. ඔන්න ඔහොමයි මිත්‍රවරුණි ඩීල් කුමාර වැඩ කරන්නේ.

        • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

          ඇයි බෝම්බ ගැහුවට පස්සේ…… ජෙප්පො ඒත් අන්තවාදීන්ට විරුද්ධව වචනයක් වත් කිවුවෙ නෑ. ජෙප්පෝ කිවුවේ ත්‍රස්තවාදීන් උගත් බුද්ධිමත් දරුවො කියලා. එහෙවු ජෙප්පෝ මහින්දට කියනවා ත්‍රස්තවාදීන් අල්ලන්නලු.

    • අනිල් says:

      ඒක තමා ඔයා ගෙදර යැවිය යුත්තේ. අන්තවාදය වාපිරුවේ ඔයා තමා. කලීෆා සම්මාන, බුරියානි බෝ අතු කතෝලික නෝනා මහින්දය ගෙදර යවමු. ගුණපාල රත්නසේකර 1 කරමු

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        අන්තවාදය වැඩිපුරම වැපුරුවේ UNP + JVP යහපාලන පාන්ඩුවෙන්. පාස්කු බෝම්බ ප්‍රහාරය හොද උදාහරණයක්.
        තරස්තවාදින්ට උගත් බුද්ධිමත් දරුවෝ කිවුවේ ජෙප්පෝ.
        සහරාන්ගේ ගෝලයා බුදු පිළිම කලා අහු වුන වෙලාවේ “අහිංසකයෙක්, මානසික රෝගියෙක්” කියල ඔහුව නිදහස් කරන්න උදවු කලේ ජෙප්පෝ. ලොකුම ත්‍රස්තවාදියා ඊබ්‍රහිම් නානා දාර ජෙප්පෙක්, ලපයා ඇතුළු කණ්ඩායමේ සාමාජිකයෙක්.

        • ටොයිබයියා says:

          දැන් උඹල දෙගොල්ලොම කියන ඒවායින් පෙනෙනවානේ තරඟෙට දෙගොල්ලොම අන්තවාදීන්ට කප්පම් දුන්නු හැටි.
          පර දේශපාලුවන්ට දැන්වත් මුට්ටි නොඅල්ල හිටපව් නිල, කොළ, රතු බයි වහළුනේ.

    • Jude says:

      Yes we have noticed it when CID officer given his finidings to the commission.
      1. 25% of muslim students selected for the law colleage before 2012
      2. Over 4000 Halal certificates issued and therefore they can earn 1.2 million rupees per month before 2012
      Those 2 happended before 2012 and we could see how you treat muslims.

  2. කොළඹ බයියා says:

    සුලු ජාතීන් ජාතී හා වර්ග බේද අදහස් අත් හැරියොත් රටම ලස්සන වෙයි.

    • sinhale le says:

      වහබින් ඉන්නකන් බැරිවෙනවා වහබින් විනාස කල යුතුයි

  3. sathya says:

    මහින්ද මහත්තයෝ කට පියාගෙන ඉන්න අන්තිමට වෙන්නේ මුස්ලිම් චන්දත් නැහැ සිංහල චන්දත් නැහැ

    • රො මෑන් ඉන්දියා says:

      මුස්ලිම්වරුන්ගේ ජන්ද ගැනීමට යාම ඉතා අනුවණ ක්‍රියාවකි. ඔවුන්ගෙන් බහුතරය පල්ලිමගින් පාලනය ඊට හේතුවයි. දෙමළ ක්‍රිස්තියානි (පල්ලි මත යැපේ) හා මුස්ලිමානුවන් සජිත් සමග ගමන් කරන්නේ ස්වං පාලන ඒකක කඩා ගැනීමේ අරමුණ නිසාය. දෙමළ හින්දු හා සිංහල බෞද්ධ , සිංහල ක්‍රිස්තියානි ජනයා බොහෝවිට පොහොට්ටුවට ජනදය ලබදේ.

    • ටොයිබයියා says:

      මූ නම් අම්බ වහලෙක්. සින්හලයව අන්දලා චන්දෙ ගන්ට කියලයි කියන්නේ.

  4. බයියා says:

    අඩෝ කෝ යකෝ මේකේ හිටපු තැරි ධාර බයියෝ සෙට් එක්ක

  5. AK47 says:

    ඒක තමා ඔයා ගෙදර යැවිය යුත්තේ. අන්තවාදය වාපිරුවේ ඔයා තමා. කලීෆා සම්මාන, බුරියානි බෝ අතු කතෝලික නෝනා මහින්දය ගෙදර යවමු. tho pakaya thamai jaathi wadaya vapiruwe

  6. nimal perera says:

    ශිරන්ති රාජපක්ෂ බෙලිඅත්තේ රැස්වීමකට ගියේ සිය පුතණ්ඩියාට ඡන්ද එක් කිරීමටය. එහෙත් බෙලිඅත්තේ ගම්මු ඇයට විරෝධය දක්වමින් ජනාධිපති ආර්යාව ව සිටිය දී හදා දෙන බවට පොරොන්දු වු පාර තවමත් හදා නොදීම ගැන දොස් කියන්නට වූහ. ඇය මොහොතක්වත් එතැන නොසිට ආපසු මැදමුලනට ගියාය.

Leave a Comment

Main News