මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අපි තැතිගෙනයි..- ඒකසක් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්

March 8, 2018 at 1:20 pm | lanka C news
මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අපි තැතිගෙනයි..- ඒකසක් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්

ශී‍්‍ර ලංකාව තුළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස තැති ගැන්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ප‍්‍රකාශ කළේය.

ජිනීවා නුවර පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අමතමින් ඊයේ (07) මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

අදාළ සිද්ධීන්වලට සම්බන්ධ වුවන්ට නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක කළයුතු බවද වග වීම සහ සංක‍්‍රන්ති යුක්තිය ස්ථාපනය කිරීමට ශී‍්‍ර ලංකා රජය කඩිනමින් පියවර ගත යුතු බවද ඔහු ප‍්‍රකාශ කළේය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙසේද පැවසීය,

‘මහනුවර දිස්ති‍්‍රක්කය තුළ ප‍්‍රදේශ කිහිපයකදී සහ අම්පාර මුස්ලිම් ජනයා ඉලක්ක කර සිදුවූ ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මම දැඩි ලෙස තැති ගැන්වී සිටිනවා. එය දිවයින පුරා හදිසි තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.

මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ වූවන්ට එරෙහිව දඩුවම් ලබා දීම සිදු කළ යුතුයි.  මම නැවතත් සංක‍්‍රන්ති යුක්තිය ස්ථාපිත කිරීම කරන ලෙස ඉල්ලා සිටිනවා. එහි අර්ථාන්විත ප‍්‍රගතියක් නොමැති වීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. සංක‍්‍රන්ති යුක්තිය සහ වගවීම වින්දිතයන් වෙනුවෙන් කි‍්‍රයාත්මක කිරීම හදිසි අවශ්‍යතාවකි.

විශ්ව අධිකරණ බලයක් ඇතිකිරීම සම්බන්ධයෙන් මම සාමාජික රටවල් උනන්දු කරවන්න කැමැතියි.

උක්ත කරුණු සම්බන්ධයෙන් එළැඹෙන 16 වැනිදා පූර්ණ වශයෙන් කවුන්සිලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

නුවන් සේනාරත්න
– Rivira

124 views

21 Comments to “මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අපි තැතිගෙනයි..- ඒකසක් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්”

  1. Kolitha says:

    meyaage kasaade lankaawenda welaa thiyenne…nathnam mey lankaawen kaata hari darukamata hadaaganna deepu ekekda?

  2. Critic says:

    What a crocodile! What about your backyard? Are they not Muslims? You can issue statements against SL as long as spineless Govertment is in power! It’s better to fly a kite!

  3. ExUNPer says:

    Hey prince ,do not talk rubbish without knowing facts. There are ample facts to prove that you are a biased racist.
    Your actions are of third class nature.
    You just talk without knowing the background.
    We Sri Lankan’s want to make our country better more than you idiots talk about.
    Please shut your stupid mouth and mind some other business.

  4. David Milli-banda says:

    Siriyawe “මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ta අපි තැති nogan nemu…………

    World Jokers…………

  5. S.L.Mohammad says:

    Hey Prince Donky, Aslam Walikkum!
    So you are worrying when something happened us (Muslim). So You don’t worry something happened to other people such as Sinhalese, Tamil, Buddhists, Hindu, Catholic, Christians etc…..Anyone else !!!!!

Main News