මුස්ලිම් ජාතිකයන් භික්‍ෂූන් සේ සිවුරු දරා සිටිනවා.. හදිසි නීතිය ඉවත් කල සැනින් සියළු ත‍්‍රස්ත සැකකරුවන් නිදහස්.. බුර්කා තහනමත් අවසන්..

June 24, 2019 at 3:50 pm | lanka C news
මුස්ලිම් ජාතිකයන් භික්‍ෂූන් සේ සිවුරු දරා සිටිනවා.. හදිසි නීතිය ඉවත් කල සැනින් සියළු ත‍්‍රස්ත සැකකරුවන් නිදහස්.. බුර්කා තහනමත් අවසන්..

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඓතිහාසික මහනුවර දී ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගනිමින් මහනායක ස්වාමීන් වහන්සේලා ද බැහැ දැකීමට ද කටයුතු කළේය.

පාස්කු ප්‍රහාරය සිදුවී දෙමසකට අධික කාලයක් ගත වුවද මෙවැනි ප්‍රහාර වැළැක්වීම සඳහා කිසිදු නීතියක් පැන වීමට රජය අපොහොසත් වීම පිළිබඳව මහනායක හිමිවරුන් වෙත කරුණු පැහැදිලි කළ උදය ගම්මන්පිල මහතා රටට අවශ්‍ය නීති සකස් කිරීම සඳහා පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයන් වෙත අවශ්‍ය පීඩනය එල්ල කරන්නැයි මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ගෞරවණීය ඉල්ලීමක් සිදු කළේය.

එමෙන්ම දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මැතිතුමන් සමග ද උදය ගම්මන්පිල මහතා මෙහිදි පිළිසඳරකට එක් විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා

සාමාන්‍යයෙන් අපේ ජාතියට මතක තියෙන්නෙ සති දෙකක් යැයි මතයක් තියෙනවා. නමුත් දෙමසකට අධික කාලයක් ගත වෙලා තවමත් අපේ රටේ ජනතාවට පාස්කු ප්‍රහාරය මැනවින් මතක තියෙනවා. නමුත් දෙමසකට අධික කාලයක් ගත වී තිබියදී මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවීම වැළැක්වීම සඳහා කිසිදු නීති රෙකුලාසියක් ගෙන ඒමට ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. දැනට ත්‍රස්තවාදී සංවිධාන තහනම් කර ඇත්තේ, මුහුණු ආවරණය කරගෙන ගමන් කිරීම තහනම් කර ඇත්තේ හදිසි නීති රෙගුලාසි යටතේ යි.

යම් හෙයකින් හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළොත් සියලු ත්‍රස්තවාදී සංවිධාන සාමාන්‍ය සංවිධාන බවට පත්වෙනවා. අත්අඩංගුවට ගත් සියලු දෙනා නිදහස් කිරීමට සිදුවෙනවා. මුහුණ ආවරණය කරගෙන පාරේ නිදහසේ ගමන් කිරීමට අවස්ථාව හිමිවෙනවා. ඊළඟ බෝම්බය පිපිරෙන තුරු අප ජාතියක් ලෙස නිදාගැනීමක් තමයි සිදු වෙන්නේ. ජාති භේද පසෙක තබා, පක්ෂ භේද පසෙක තබා, රට ගැන හිතලා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන පීඩනය දෙපාර්ශවයේම දේශපාලකයන්ට එල්ල කරන්නට කියලා අපි මහා නායක ස්වාමීන් වහන්සේලා ගෙන් ඉල්ලීමක් කළා.

උදාහරණයක් විදිහට ගතහොත් අද මුස්ලිම් ජාතිකයන් ස්වාමීන් වහන්සේලා මෙන් සිවුරු දරාගෙන සිටිනවා. මෙවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකු සිය මුල් නම මාරු කල විට ජාතික හැඳුනුම්පතෙහි වෙනත් නම් යටතේ ඔහුගේ කලින් නම සඳහන් කළ යුතුයි. විදේශ රටවලින් පැමිණි මුස්ලිම් ජාතිකයන් ශේෂයෙන් විල්පත්තුවේ මීගමුවේ වැනි ප්‍රදේශවල ජීවත් වෙනවා. දරුවෙක් ඉපදුන දවසෙම ඔහුට හැඳුනුම්පතක් නිකුත් කළ යුතුයි. එවැනි හැඳුනුම්පතක් නිකුත් කළ විට මෙලෙස රටට ඇතුල් වුනු පුද්ගලයන් දූෂිත රාජ්‍ය නිලධාරීන් අල්ලාගෙන ඔවුන් හරහා ජාතික හැදුනුම්පතක් හදා ගෙන හොර පුරවැසිකම් හදා ගැනීම වළක්වන්නට පුළුවන්. එමෙන්ම මද්‍රාසා පාසල් නියාමනයක් සිදු කළ යුතුයි. මද්‍රසා පාසල් විතරක් නොවෙයි රජයේ පාසල් වල පවා විෂය නිර්දේශය අධීක්ෂණය කිරීමට සිදුවී තියෙනවා. මොකද ඉස්ලාම් ආගම අතහැරියොත් දඬුවම මරණයයි කියලා ඉස්ලාමීය පෙළ පොත්වල සඳහන් වන බවට මුස්ලිම් ජාතිකයන්ම ප්‍රකාශ කර තිබෙනවා.

ඉතින් රට තවමත් අනාරක්ෂිතයි.මේ ආණ්ඩුව දෙමසක් ගතවෙලත් අවශ්‍ය නීතිරීති හැදුවේ නෑ කියන්නේ එවැනි නීති රීති ගේන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ. අන්තවාදීන්ගේ සල්ලි සහ අන්තවාදීන්ගේ පුංචි ඡන්ද කුට්ටියට යටත්වෙලා මෙම ආණ්ඩුව තියෙන්නේ. එම නිසා කවුරුන් බලයට පැමිණියත් නීති රීති ඉක්මනින් ගෙන එන ලෙස දෙපාර්ශවයටම බලපෑම් කරන ලෙසයි අප මහා නායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ.

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික නිකවැරටියේ ධම්මරතන හිමි, නියෝජ්‍ය නායක මදු මාදව අරවින්ද, ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ, මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් සහ මහනුවර දිසාවේ පිවිතුරු හෙළ උරුමය නිලධාරීන් පිරිසක් ද එක්විය.

– අරවින්ද අතුකෝරල

33,593 Viewers

7 Comments to “මුස්ලිම් ජාතිකයන් භික්‍ෂූන් සේ සිවුරු දරා සිටිනවා.. හදිසි නීතිය ඉවත් කල සැනින් සියළු ත‍්‍රස්ත සැකකරුවන් නිදහස්.. බුර්කා තහනමත් අවසන්..”

  1. එක්නැලිගොඩ says:

    අනිවාර්යෙන්ම එක රටක් එක නීතියක් ගෙන ආ යුතුමයි

  2. Love nature says:

    නිදාසිටි සිංහලයා ජාත්‍යානුරාගයෙන් මත් කොට අවදි කර ලීමට මහින්ද හිමියන්ගේ පෑන් තුඩ මෙහෙයවුණු ආකාරයට නිදසුනක් පහත දැක්වේ.
    මොන කරුමය ද තව ඇහැරුණු බවක් නැහැ
    පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ
    දිනුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ
    එනු ඉදිරියට පැන ගොස් නිදහසක් නැහැ

    පරාධීනව සිටි සිංහල ජාතිය පුබුදුවාලීමේ මහඟු කර්තව්‍යයට උර දෙමින් කටයුතු කළ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් තුළින් උපතින් විදේශිකයකු වුවද සැබෑ සිංහලයකු සතු ගති ලක්ෂණ මොනවට විද්‍යමාන විය.

    • සමන්කුමාර says:

      සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින උදය මැතිතුමනි ස්තුතියි.

  3. වජිර says:

    මේ නීති සම්පාදනය ඉතාම වටිනවා

  4. Mangala says:

    Thama neethi haduwe nadda loke inna lokuma parlimenthu nadaya achchita haal garanawada. Munta puluwan iti gediyak naha kiyala penne mata wtharada.

Main News