මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…

November 17, 2020 at 10:32 pm | lanka C news
මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…

කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ තලෙයිමන්නාරම දූපතේ භූමදානය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශයේ කමිටුව අවසන් නිර්දේශ ලැබීමෙන් පසු තීන්දුවක් ගැනීමට නියමිතය ද එහි දැක්වේ.

පසුගිය සතියේ පැවති කැබිනට් සාකච්ඡාවේදී මේ ගැන සාකච්ඡා කළ විට කැබිනට් ඇමතිවරු බොහෝ දෙනකු එම යෝජනාවට එකඟ වූ බවද එම වාර්තාවේ සදහන්ය.

මුස්ලිම් ජාතිකයන් කොරෝනා ආසාදනයෙන් මිය ගිය පසු ඔවුන්ගේ මෘතදේහ කොළඹ ප්‍රධාන මුස්ලිම් සුසාන භූමියේ භූමිදානය කිරීමට මුලින් යෝජනාවක් ඉදිරිපත් වී තිබුනද අවදානමක් ඇති බව පෙන්වා දෙමින් බොහෝ ඇමැතිවරුන් ඊට අකමැත්ත පළ කිරීම මත යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයිද දැක්වේ.

තලෙයිමන්නාරම ප්‍රධාන වශයෙන් වියලි භූමියක් සහිත දූපතක් නිසා එය සලකා බැලිය හැකි යෝජනාවක් ලෙස සලකා ඇතැයිද තව දුරටත් සදහන්ය.

46,887 views

34 Comments to “මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…”

  1. Love nature says:

    එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. නීතිය … මුළු රටට එක නීතියක් පමණක් ස්ථාපිත කළ හැක්කේ එවිටයි.

  2. Sinha le says:

    ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු : ‘එක රටක් එක නීතියක්’

  3. Pushpa Kumara says:

    “බොහෝ ඇමැතිවරුන් ඊට අකමැත්ත පළ කිරීම මත යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයිද” කලින් කිව්වේ නම් මේ ගැන තීරණ ගන්නේ සෞක්ය බලදාරීන් කියලා. අන්තිමේදි බලද්දී කොයි ආණ්ඩුවත් නානාට යටයි.

Main News