මුස්ලිම් දෙමළ පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් වෙන්න තවත් බෑ.. මුස්ලිම් දෙමළ පක්ෂවලට සමගි ජනබලවේගයෙන් නාමයෝජනා නෑ..
December 15, 2020 at 7:38 pm | lanka C news
තවදුරටත් මුස්ලිම් දෙමළ දේශපාලන පක්ෂ වල ප්‍රාණඇපකරුවන් විමට සුදානම් නැති බවත් ඉදිරි මැතිවරණවලට නාමයෝජනා සමගි ජනබලවේගයේ මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයින්ට පමණක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්තික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂයන්ට සමගි ජනබලවේගයේ නාමයෝජනා ලබානොදෙන බවත් ඒ වෙනුවට තම පක්ෂයට හිතවත් දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් ශක්තිමත් කර තම පක්ෂයේ අපේක්ෂකයින් ලෙස ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් කිරිමට තිරණය කල බවත් ඔහු කීය.
මුස්ලිම් දෙමළ දේශපාලන නායකයන් තම පක්ෂයේ ඡුන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන නමුදු ඔවුන් හැමවිටම තම පක්ෂ හා ප්‍රතිපත්ති පවාදිමට කටයුතු කල බවද, මෙරට මුස්ලිම්, දෙමළ, දේශපාලන පක්ෂ දීර්ඝ කාලයක් පුරා ප්‍රධාන දේශපාලන පක්ෂ හා රටේ ජනතාව රවටමින් කටයුතු කල බවද, තවදුරටත් එම පක්ෂවල ප්රාණඇපකරුවන්වීමට සමගි ජනබවලවේගය සුදානම් නොමැති බැවින් මෙම තීරණය ගත් බව කිරිඇල්ල මහතා පැවසිය.
වත්මන් රජයට පසුගිය මහා මැතිවරණයේදි තුනෙන් දෙකේ බලයක් හිමි නොවු නිසා 20 වැනි සංශෝධනය ගෙනඒමට නොහැකිව සිටියදි මුස්ලිම් දේශපාලනඥයින් අට දෙනෙකුගේ සහය මත එය සම්මත කරගත් බවද, රටට අහිතකර ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙනඒමට සහය දුන් මුස්ලිම් දේශපාලනඥයන් කොවිඞ් මරණ භුමදානය කිරිමට එරෙහිව බොරු විරෝධයක් මවාපාමින් සිටින බවද හෙතෙම පැවසීය.
ඔවුන්ගේ මෙම දෙබිඩි දේශපාලන පිළිවෙතට එරෙහිව මුස්ලිම් සමාජයේ විශාල විරෝධයක් මතුවෙමින් පවතින බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසිය.
– මාධ්‍ය ඒකකය
හොද තීරණයක්, එපමණක් නොසෑහෙයි, මොලේ තියන, උගත්, බුද්ධිමත් නායකත්වයක් තෝරා නොගතහොත් තව වසර 20-30 විපක්ෂෙ තමයි ඉන්න වෙන්නෙ.
Mun dan mehema sinhala chanda ganta onawata mehema thiranayak gaththata chanden passe andu pihitawanakota sinhalaya ha rata pawadila unge poronduwalata ekagawela thamai andu hadanne
ඉතා හොඳ තීරණයක්. පොදු ජන පෙරමුණත් මේ වැඩේම කරන්න ඕනා. නැත්තම් හැමදාම සුළු පක්ෂ ආණ්ඩුව නටවනවා.
Hunting sinhala votes