මුස්ලිම් දෙමළ පක්‍ෂවල ප‍්‍රාණ ඇපකරුවන් වෙන්න තවත් බෑ.. මුස්ලිම් දෙමළ පක්‍ෂවලට සමගි ජනබලවේගයෙන් නාමයෝජනා නෑ..

December 15, 2020 at 7:38 pm | lanka C news
මුස්ලිම් දෙමළ පක්‍ෂවල ප‍්‍රාණ ඇපකරුවන් වෙන්න තවත් බෑ.. මුස්ලිම් දෙමළ පක්‍ෂවලට සමගි ජනබලවේගයෙන් නාමයෝජනා නෑ..

තවදුරටත් මුස්ලිම් දෙමළ දේශපාලන පක්‍ෂ වල ප‍්‍රාණඇපකරුවන් විමට සුදානම් නැති බවත් ඉදිරි මැතිවරණවලට නාමයෝජනා සමගි ජනබලවේගයේ මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයින්ට පමණක් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහනුවර දිස්තික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්‍ෂවල අපේක්‍ෂයන්ට සමගි ජනබලවේගයේ නාමයෝජනා ලබානොදෙන බවත් ඒ වෙනුවට තම පක්‍ෂයට හිතවත් දෙමළ මුස්ලිම් දේශපාලනඥයන් ශක්තිමත් කර තම පක්‍ෂයේ අපේක්‍ෂකයින් ලෙස ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් කිරිමට තිරණය කල බවත් ඔහු කීය.

මුස්ලිම් දෙමළ දේශපාලන නායකයන් තම පක්‍ෂයේ ඡුන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන නමුදු ඔවුන් හැමවිටම තම පක්‍ෂ හා ප‍්‍රතිපත්ති පවාදිමට කටයුතු කල බවද, මෙරට මුස්ලිම්, දෙමළ, දේශපාලන පක්‍ෂ දීර්ඝ කාලයක් පුරා ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ හා රටේ ජනතාව රවටමින් කටයුතු කල බවද, තවදුරටත් එම පක්‍ෂවල ප‍්‍රාණඇපකරුවන්වීමට සමගි ජනබවලවේගය සුදානම් නොමැති බැවින් මෙම තීරණය ගත් බව කිරිඇල්ල මහතා පැවසිය.

වත්මන් රජයට පසුගිය මහා මැතිවරණයේදි තුනෙන් දෙකේ බලයක් හිමි නොවු නිසා 20 වැනි සංශෝධනය ගෙනඒමට නොහැකිව සිටියදි මුස්ලිම් දේශපාලනඥයින් අට දෙනෙකුගේ සහය මත එය සම්මත කරගත් බවද, රටට අහිතකර ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙනඒමට සහය දුන් මුස්ලිම් දේශපාලනඥයන් කොවිඞ් මරණ භුමදානය කිරිමට එරෙහිව බොරු විරෝධයක් මවාපාමින් සිටින බවද හෙතෙම පැවසීය.

ඔවුන්ගේ මෙම දෙබිඩි දේශපාලන පිළිවෙතට එරෙහිව මුස්ලිම් සමාජයේ විශාල විරෝධයක් මතුවෙමින් පවතින බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසිය.

– මාධ්‍ය ඒකකය

36,335 views

16 Comments to “මුස්ලිම් දෙමළ පක්‍ෂවල ප‍්‍රාණ ඇපකරුවන් වෙන්න තවත් බෑ.. මුස්ලිම් දෙමළ පක්‍ෂවලට සමගි ජනබලවේගයෙන් නාමයෝජනා නෑ..”

  1. ක්‍රිමිනල් says:

    සුපිරි යෝජනාවක්! ක්‍රියාත්මක කරන්න පුලුවන් නං එල…

    • විපුල says:

      රැවටෙන්න එපා බන් මේ කතාවලට.මේවා සිංහලයා රවටලා ආන්ඬුවක් හදාගන්නකම්‍ මුන් කියන බොරු කතා විතරයි.මේ හැම දේසපාලුවම පක්ෂ බේදයකින් තොරවම සුලු ජාතීන්ගෙ පදේට නටනවා සිංහලයව අමතක කරලා.පේනවනේ දැන්..

  2. බයියා says:

    මේ ජාතිවාදය නෙවෙයි. එංජින් ඔයිල් බිව්වහම හිතෙන දේවල්

  3. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    Very Good!

  4. Sathya says:

    Ok good move. Mr Kiriella your people ruined the country for nearly 5 years. The damage you did in the yahapalana period is irreversible

  5. Saman kumara says:

    වාව්… පක්ෂෙ මොක උනත් අදහස හොඳයි. පක්ෂ සාමජිකත්වය ලබාගෙන චන්දෙ ඉල්ලන්න. පක්ෂ මාරු කරන්න බැරිවෙන්න ව්‍යවස්ථාව සකස්කරන්න

  6. sunny says:

    this is what you did for long time. It is too late now for you all.

  7. sena says:

    මුස්ලිම් ජන්දවලට පිංසිද්ධවේන්නයි මේතුමා මහනුවරින් අවේ ඔය දේශපාල ගෙම්වලට ආය ජනතාව රැවටෙන්නෙ නැ

  8. Buddhist says:

    SJB is fast becoming another RACIST PARTY in Sri Lanka. Shame on you Sajith Premadasa!

  9. කැපුවත් යූ.එන්.පී. මෝඩයා says:

    බම්බුව තමයි එජාප ජාසජබ ආදී පක්ෂවලට සලුජාතික පක්ෂ නැතුව ආණ්ඩු හදන්න බැහැ.

Main News