මුස්ලිම් දේශපාලකයින් සහරාන්ගේ බලාපොරොත්තුව ඉටු කරලා..

June 8, 2019 at 3:50 pm | lanka C news
මුස්ලිම් දේශපාලකයින් සහරාන්ගේ බලාපොරොත්තුව ඉටු කරලා..

ලාංකීය ඉතාහිසයේ පළමු වතාවට මුස්ලම් අමාත්‍යවරු සියල්ල තම ධුරවලින් ඉවත්ව තිබෙන බවත්, වසර ගණනවාක් තිස්සේ සියලූ ආණ්ඩු නියෝජනය කළ මෙම දේශපාලකයන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවම සාධාරණයවත් ඉටු කළේ නැති බවත්, ඒ වෙනුවට මොවුන් සිදුකළේ ඔවුන්ගේ ඡන්දය කොල්ල කා මාරුවෙන් මාරුවට සියලූ ආණ්ඩුවල තනතුරු වරප‍්‍රසාද දැරීම පමණක් බවත් මෙම මුස්ලීම් දේශපාලකයන් මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ සහරාන්ගේ බලාපොරොත්තුවදැයි තමන් ප‍්‍රශ්නකර සිටින බවත් ජානිපෙ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(08) එහි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා

මේ මොහොතේ රටේ උද්ගතව ඇති තත්වය මුස්ලිම් සමාජයෙත්, රටේත් ප‍්‍රගමනය සඳහා යොදාවාගන්නවා වෙනුවට ඔවුන් සුදුපුරු ජාතිවාදී ක‍්‍රිඩාවෙහිම යෙදෙමින් සිටිනවා. එමගින් ඔවුන් තමන්ගේ පහත් දේශපාලන උවමනාවන් ඉටු කර ගන්නවා. චෝදනා එල්ල වූයේ මුස්ලිම් දේශපාලකයින් සිව් දෙනෙකුට පමණයි. රිෂාඞ් බදුර්දීන්ලාගේ ඇග මත තැවරුණ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ලේ පැල්ලම් ඔහු විසින් සියලූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ ශරීරයේ ගා අවසන්. එමගින් ඔහු තමා නිර්දෝසී බව සමාජයට එත්තු ගැන්වීමට උත්සාහ ගනිමින් සිටිනවා.

මෙම මුස්ලිම් දේශපාලකයින් ගොඩනගන්නේ කාගේ උවමනාවන්ද ජාතිවාදී පදනමින් වෙනම මුස්ලිම් බලවේගයක් ගොඩ නගා එමගින් සහරාන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ සැරසෙන්නේ.

මෙමගින් සිදුවන අනෙක් අනතුර වන්නේ සැබෑ ගැටළුව හා ඒ සඳහා වන විසදුම යටපත් වීමයි. වහාබ්වාදය විසින් ගිලගත් මුස්ලිම් සමාජය එයින් ඉවතට ගැනීම අපගේ අභියෝගයයි. නමුත් මෙම කි‍්‍රියාමාර්ග තුලින් එය ඉටු වෙනවාද? නැහැ මෙමගින් සිදුවනුයේ මුස්ලිම් සමාජය තව දුටරත් වහාබ්වාදයේ ගිල් වීමයි. ජාතික සමගිය වෙනුවට සිංහල මුස්ලිම් විරසකය ඇති වීමයි. අන්තවාදීන් පිරිසක් කළ විනාශයේ වගකීම මෙම දේශපාලකයින් විසින් සමස්ථ සමාජය මත අතුරා දැමීමට කටයුතු කිරීමයි. මෙම තත්වය ඉතා කණගාටුදායකයි.

– jnp midea

20,984 Viewers

6 Comments to “මුස්ලිම් දේශපාලකයින් සහරාන්ගේ බලාපොරොත්තුව ඉටු කරලා..”

  1. john the baptice says:

    ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ කුලී හේවායන් වූ වහාබ් ඉස්‌ලාම් අන්තවාදය.අපේ රටේ තහනම් කල යුතුය

  2. සිංහලයා. says:

    Mr. Musammil you are 100% correct. You are good Sri Lankan Muslim person.

  3. Kadiya says:

    මුස්ලිම් සමාජය සම්පුර්ණයෙන්ම නොමඟ යවා බලයේ සිටින පක්ෂ සමඟ ඩීල් දමා තම පුද්ගලික වාසිය පමණක් ලබාගන්නා මෙම රජයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් දේශපාලකයන් මුස්ලිම් ජනතාව සහ රටේ අනෙකුත් ජනතාව අතර ඇති පරස්පරය සමනය කිරීමට උපකාරවන කිසිවක් නොකරයි. වර්තමාන රජය රවුෆ් හකීම් සහ රිෂාර්ඩ් බදුර්දීන්ට ප්‍රාණ ඇපයට ගන්න පුළුවන් වුනාට සිංහල සහ දෙමල ජනතාව එසේ රවුෆ් හකීම් සහ රිෂාර්ඩ් බදුර්දීන්ට ප්‍රාණ ඇපයට ගන්න නොහැකියි. තමන්ගේ යටතේ තිබෙන මෙම ආණ්ඩුව සැමදාටම පවත්වාගන්න ගහන ගේමකට එහා මුස්ලිම් සමාජය රැකගැනීමට මේ ඉල්ලා අස්වීමෙන් හැකියාවක් නැත. මුන්ගේ මේ යටිකුට්ටු ක්‍රියා නිසා අවසානයේ පීඩාවට පත්වන මුස්ලිම් ජනතාව තම ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමඟ එක්විය යුතුය. බලන්න කතෝලික ජනතාව කොතරම් නිවැරදිද? ඔවුන් නියෝජනයකරන්නේ ප්‍රධාන පක්ෂ වලින් පමණකි.

  4. Love nature says:

    රී ලංකාවේ ලඟම අසල්වැසියා වන මාලදිවයින ඒකාධිපති ජනාධිපතිවරයාගේ ආශිර්වාද මධ්‍යයේ දැනටමත් සෞදි අරාබියේ ධනය හා රැඩිකල් ඉගැන්වීම් වලින් පීඩා විඳින බව නොරහසකි. සෞදි අරාබිය ඉංග්‍රීසි කතා කරන වහාබි දේශකයන් පුහුණු කරමින් ලොව වටා රටවල් වලට පිටත්කර යවන අතර ඒ සඳහා විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන දකුණු ආසියාව තරම් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් වෙනත් කලාපයක් නැත.

    ස්මයිල් මින්ක්, සාකිත් නායක් හා තාරික් ජමීල් යනු සෞදිය විසින් පුහුණුකර යැවූ එවැනි මතභේදාත්මක කථිකයන් අතරින් කිහිප දෙනෙකි. මින්ක්ට එක්සත් රාජධානියට හා සිංගප්පුරුවට පිවිසීම තහනම් කර ඇති අතර සාකිත් නායක් ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක් කර ඇත.

  5. CHAMINDA -SADA STF says:

    bro. you are a great Guy. You must be in the Parliament .
    Thank you.,

Main News