මුස්ලිම් නායකයන් එකතු වුනා.. මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගවලට විරුද්ව කටයුතු කරනවා.. මුස්ලිම් ජනතාව බේරා ගැනීම එකම අරමුණයි..- හකීම්

June 7, 2019 at 10:40 am | lanka C news
මුස්ලිම් නායකයන් එකතු වුනා.. මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගවලට විරුද්ව කටයුතු කරනවා.. මුස්ලිම් ජනතාව බේරා ගැනීම එකම අරමුණයි..- හකීම්

මෙරට මුස්ලිම් නායකයන්ගේ එකමුතුව ඉදිරියේදී තම මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගයන්ට එරෙහිව කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

දේශපාලනික වශයෙන් මුස්ලිම් නායකයන් අද වනවිට එකමුතු වී ඇති බවත් ඉදිරියේ දී සිය ජනතාවගේ අයිතීන් දේශපාලන තීන්දු තීරණ වලදී කැප නොකරන බවත් ඔහු කියා සිටියි.

පාස්කු ඉරිදා දිනයේ කිහිප දෙනෙකු විසින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මුළු මහත් මුස්ලිම් සමාජයම විත්තිකරුවන් බවට පත්කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මුස්ලිම් ජනතාව පත් ව ඇති පීඩාවන්ගෙන් බේරාගැනීමට මුස්ලිම් නායකයන් තමන්ගේ තනතුරුවලින් ඉවත් වූ බව ද ඔහු සඳහන් කරයි.

අප දේශපාලන වශයෙන් එකමුතු වී තිබෙන බවත් මුස්ලිම් ජනතාව බේරාගැනීම ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් ඉදිරියේදී ජනතාවගේ අයිතීන් කිසි විටෙක කැප නොකරන බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන්නේ රාමසාන් උත්සවය වෙනුවෙන් සිය සුබ පැතුම් පණිවුඩය එක් කරමිනි.

27 views

24 Comments to “මුස්ලිම් නායකයන් එකතු වුනා.. මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගවලට විරුද්ව කටයුතු කරනවා.. මුස්ලිම් ජනතාව බේරා ගැනීම එකම අරමුණයි..- හකීම්”

  1. SL says:

    Yes we asked badiyudeen. Hisbullah to be removed. And u all took their side implying that you adorned their racits activities. You all r wahaabies.waiting for the best opportunity .we must boycott muslims if all muslim have this same opinion.

  2. xd says:

    කලිනුත් එකතුවෙලානේ හිටියේ ..

  3. හොදයි බොලා ඔක්කොම එකතු වෙලා නම් තවත් හොඳයි මේ රටින් ගියොත් ආදිහාකට අපිට පව් නොදී…

  4. Tikiri says:

    විරුද්ධත්වය ආවේ තුන් දෙනකුටයි.ඇයි මුස්ලිම් සියලු දෙනාම අස් වුනේ.ඒක ජාතිවාදය නොවෙයිද?

  5. සිංහල අපි says:

    ලංකාවේ තියෙන එක පක්ෂයක්වත් වැඩක් නෑ..අලුතින් පක්ෂයක් හදන්න හොදම කාලය මෙයයි.රටට ජාතියට ගරු කරන ආදරය කරන ජාතික ආගමික හැගීම තිබෙන.ඩොලර් වලට දෙකට නොනැමෙන. පවුල් පාලනයක් නොමැති. ලංකාව පිටරටට නොවිකුවන.කොන්ද පන තියෙන.මහ ජනතාවගේ දුක දැනෙන.හොද අධ්‍යාපන මට්ටමක් ඇති.අලුත් නායකයෙක් අවශ්‍ය කාලය මෙයයි..

  6. Hakeem says:

    Hamanitan rata kapu kalakamni deshapaluwo…hamaiyan sakkili hathta

  7. Ranil says:

    ara merunu minissu gena ubala mokada kiyanne??? a gena ubala katha ne. weradi kerapu awunta daduwam denna ubala kemathi ne!!! a ubalage anathwadi adahas nisai. meken peanawa ubala wahab wadayata sambanda awun kiyala.

Main News