මුස්ලිම් කියා වෙනම නීතියක් එපා.. අවසානයේ මුස්ලිම් රටකුත් දෙන්න වෙයි.. එක රටක් එක නීතියක්..- මුසම්මිල්
July 31, 2020 at 11:20 am | lanka C news
මුස්ලිම් නීති, කාති උසාවි අහෝසි කිරීමට විරෝධය පළ කරමින් ගි ජන බලවේගය අපේක්ෂක ඉමිතියාස් බාකිර් මාකර් මහතා විසින් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
ඉමිතියාස් බාකිර් මාකර් වැනි සිංහල උගත් සිංහල භාෂාව හොදින් හසුරුවන සහ සිංහල ජනතාවගේ ප්රසාදයටද පත් වූ කෙනෙක් මෙවැනි අන්තවාදී මතය දැරීම ගැන තමා කනගාටු වන බවද ඔහු කියයි.
එක රටක් තුළ තිබිය යුතුය එක නීතියක් බවත් ජාතීන් වශයෙන් බෙදා වෙන වෙනම නීති ඇති කරන්න ගියොත් සිංහලයන්ට වෙනම සිංහල නීතියක් දෙමළ ජාතිකයන්ට වෙන දෙමල නීතියක් ආදී ලෙස නීති සකසන්නට වනු ඇතැයිද ඔහු පැවසීය.
අවසානයේ එම වෙනම නීති ක්‍රියාත්මක කිරීමට ජාතීන් වශයෙන් වෙනම රටක් යන තත්වයට වෙන්වීමේ තැනක් දක්වා මෙය යා හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.
එනිසා ශ්‍රී ලංකාව රටක් විදිහට එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද ජාතීන් හෝ ආගම් වශයෙන් වෙනම නීති අවශ්‍ය නැති බවත් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Examplary citizen
Real Lanka putra
We love you brother
Lets safeguard our mother Lanka collectively
Wish you a remarkable victory
Very good answer to extremists
සැබෑ ශ්‍රී ලාංකිකයෙක් වූ ඔබට අපගේ ප්‍රණාමය.
He is a real patriotic Muslim.He should get the ministerial post for a Muslim not Sabri.
Look at this what was said at the PCI by Intelligence cheif SIS Director SDIG Nilantha Jayawardena” In 2015, the State Intelligence Service (SIS) had reported that there was an unusual increase in Muslim students at the Law college in 2012.
Referring to a report made on July 20, 2015, Jayawardena said that out of 203 students, there were only five Muslim students at the Law college in 2003. However, in 2012, 78 Muslim students were admitted to Law College and as a percentage it was 25.24% of the overall students.”
Again Rauf will become the Higher Education Minister & Rishad will become the Industries Minister if Sajith wins. Are you a Sinhalese so foolish to vote Sajith?
Support Sajith outwardly to earn your cheap money from him for working for him for the election BUT at the polls vote for Phottuwa if you want a better life for your children.
We respect you and appreciate your thinking, Sir. You’re a great son of mother Sri Lanka. As you’ve said we had a respect to Mr Imithias Bakir Makar but he lost it as going through dirty political agenda.
බොහෝ මුස්ලිම් නායකයන් කියාගන්නා අය මුස්ලිම් ජනතාව තමන්ට සැප සම්පත් ලබාගන්න ඉත්තන් විධියට පවිච්චිකරද්දී ඔබතුමා මුස්ලිමුන්ට ගරුත්වයක් ලබාදෙන්න මේ දේශප්‍රේමී මතවාදය ඉදිරියට ගැනීම ඉතාමත් අගය කලයුතු කාරණයක්. ගරු අගමැතිතුමා සහ ගරු ජනාධිපතිතුමා ඔබතුමාගේ නියම වටිනාකම තේරුම් ගෙන තිබෙන නිසා අපි ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන්ට ලබාදෙන මනාප පිළිබඳවත් සලකලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාමඩ් මුසම්මිල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනවා සහතිකයි.
Everybody must think like this . Salute to Mr Musammil
Muzammil is not a Muslim. He is a Buddhist with Muslim name. 😉
he is not a muslim n no right to talk about muslims
මමත් කැමති නායකයෙක් ඔබ ..
ඇත්ත, ඔබ අවන්කවම ඒ දෙය කිව්වා නම් අගය කරනවා.