මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්නැයි සහරාන් ඉගැන්නුවා..- සයිලාන් මවුලවි හෙලිකරයි..

June 19, 2019 at 10:40 am | lanka C news
මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්නැයි සහරාන් ඉගැන්නුවා..- සයිලාන් මවුලවි හෙලිකරයි..

මුස්ලිම් නොවන සියලු ජනතාව මරා දැමිය යුතු බව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් පැවසූ බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මව්ලවි සඳහන් කරයි.

එවන් ප්‍රකාශයක් කර තිබියදී පවා කිසිදු බලධාරියෙකු සහාරන්ට විරුද්ධව කටයුතු නොකළ බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාස්කූ ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

සියලු මුස්ලිම් පල්ලිවල අන්තවාදය නැතත් ඇතැම් පල්ලිවල දැඩි මතවාදයට ඉඩ තිබෙන හෙයින් ඒ තත්ත්වය අනාගත පැවැත්මට තර්ජනයක් බවද කී ඔහු කාත්තන්කුඩියේ වහාබ් වාදය අනුගමනය කරන මුස්ලිම් පල්ලි පහළොවක් පමණ තිබෙන බවද සඳහන් කළේය.

සහරාන් ගේ මරණයෙන් පසු කාත්තන්කුඩියේ යම් නිහඬතාවයක් ඇති වී තිබුණ ද ඔහුගේ මඟ ගිය පිරිස් තවදුරටත් සැඟවී සිටිය හැකි හෙයින් ඒ ගැන රජය අවධානය පසුවිය යුතු යැයිද ඔහු පැවසීය.

69,171 Viewers

14 Comments to “මුස්ලිම් නොවන සියළු ජනතාව මරා දමන්නැයි සහරාන් ඉගැන්නුවා..- සයිලාන් මවුලවි හෙලිකරයි..”

  1. SARATH says:

    හා හා බලාගෙන හකීම් මන්ත්‍රී තුමා පොඩි ළමයින්ගේ වරදක් දකිනවා වගේ කමිටුවත් එක්ක හිනාවෙවී ඉඳියි.වහාබි බල්ලෝ බැඳලා දාන්නම ඕනේ .ප්‍රශ්නේ තියෙන්නේ නහින දෙහින කාලේ රට කරවන මොන සිංහල දේශපාලකයටද උවමනාවක් තියෙන්නේ කියන එක.

    • Kamal says:

      හිස්බුල්ලා සහ සහරාන්ව ආරක්ෂා කල සිරිසේන වහා ඉල්ලා අස්වෙනු. රන්න පොනිල් තෝත් පල

      • Kusum says:

        අැයි මහින්ද
        2015 හිස්බුල්ලා වැඩ කලේ මහින්දට

    • විස්කි මැඩම් says:

      වහාබ් කාරයෝ අපිට සහජීවනයේ ඉන්න කියලා අනික් පැත්තෙන් අපිව මරන්න හදනවා.
      ඔය හැම එකාම අපෙන් සමානාත්මතාවය ඉල්ලලා අනික් පැත්තට ජාතිවාදී ෂරියා නීතිය ඉල්ලනවා.

  2. sathya says:

    කාත්තන්කුඩියේ වහාබ් වාදය අනුගමනය කරන මුස්ලිම් පල්ලි පහළොවක්

  3. Somawansha says:

    Sarath ayi oyaa me patta wal ballanta thuma kiyanne …? Api munge vahallu nevine …!!! Kinda pana thiyagena unge nam walin kathaa karanna…!! Serama deshapalu apathayo Ape sewakayo misak Api unge sewakayo nevi

  4. Somawansha says:

    Sarath konda kelin thiyaa ganna ….

  5. Love nature says:

    2013 වසරේදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් වහාබ් හා සලෆි අන්තවාදය පෝෂණය කිරීම වෙනුවෙන් තෙල් සම්පත් බහුල අරාබි රටවල් සිදුකරන ක‍්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් එළිදැක්විණි‘ මේ වාර්තාවට අනුව මාලි රාජ්‍යයේ සිට සිරියාව දක්වාත් සිරියාවේ සිට ඈත ඉන්දුනීසියාව දක්වාත් වහාබ් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම්වලට සවුදි අරාබිය ඇතුළු අරාබි රටවල් නොමසුරුව ආධාර ලබාදුන් ආකාරය හෙළිකර තිබිණි‘ වහාබ්වාදය පෝෂණය පිණිස සවුදි සමාජ සේවා සංවිධාන වැය කර ඇති මුදල ඩොලර් බිලියන දහයකි’ සිරියාවේ සිට ඇෆ්ගනිස්තානය දක්වාම අසරණ වැසියන් ඝාතනය වන්නේත් පීඩා විඳින්නෙත් මේ සමාජ සේවා ආධාර හරහා පැමිණි තුවක්කු හා උණ්ඩ නිසා නොවේද? 2019 පාස්කු ඉරිදා දිනයේ ස්නේහා බිළිගත්තේද අරාබි මුදල්වලින් පෝෂණය වූ සංවිධානවල ත‍්‍රස්තවාදයට නොවේද?

  6. kamal says:

    මුස්ලිම් අන්තවාදින් ගැන ලංකාවේ ගුරු දෙව් කිරිබත්ගොඩ හිමි කිව්වේ ඔකයි

  7. ceejay says:

    ලංකාවට තියෙන්නේ එක විසඳුමයි.ගෝටාව බලයට ගෙන ඒමයි .ඔහු ජනාධිපති උවහොත් වහාබ් වාදය දෙමල ජාතවාදය එන් ජී ඕ ඕව ලොවෙත් නැතිවෙයි.රට බේරා ගැනීම මහජනතාවට බාරයි .සාමකාමී සංවර්ධිත රටකට එකම විසඳුම ගොටාභය පමණයි.

  8. Hikiz says:

    ඒ පිළිබඳ ලිපියක් 2017 වසරේ සකස් කර ජනාධිපතිතුමාගේ කාර්යාලයට භාරදුන්නා. එවක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂාව භාර ඇමැති සාගල රත්නායක, අගමැතිවරයාගේ කාර්යාලයට, රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නා. පොලිස්පතිතුමාගේ කාර්යාලයට මෙම පැමිණිල්ල මුස්ලිම් නොවන අය මරා දැමිය යුතුයි කියමින් සහරාන්ගේ ප‍්‍රචාරයන් හා ප‍්‍රශ්න රැුසක් විය හැකි බවට සහරාන්ගේ දේශන සහිත සී. ඞී. පට තුනක් සමඟ භාර දුන්නා.

    අපට අගමැති කාර්යාලයෙන් ලිපියක් ලැබුණ අගමැතිතුමාගේ අවධානයට යොමු කළා කියා. අපි නීතිපතිතුමාටත් පැමිණිලි කළා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට උත්තරයක් ලැබුණා. අපි වැඩ කළේ මුස්ලිම්වරුන් පමණක් රැුක ගන්න නොවේ අපේ රට රැුක ගන්නයි පැමිණිලි කළේ. ඒත් අපට තර්ජන ආවා.
    කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජහිිඞ් සංගමයේ මවුලවි මොහොමඞ් සහිලාන්

  9. kandasamy.j says:

    anthawaadiwa bo keruwe Mr:Gotabaiia Rajapakse!!!

  10. charles says:

    As long Sri Lanka majority Sinhala govt, not much we can do .It is all up to the Sinhalese voters. Not to politicians

Main News